බෝල්ට්ගේ ජය සැමරුමට කොදෙව් ක්‍රිකට් කණ්ඩායමත් එක්වෙයි…

643
0

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයට අයත් ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් ගේ සුපිරි දක්ෂතාව දැක බලා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් රූපවාහිනී යන්ත්‍රයක් ඉදිරිපිට රැස්වී සිටින ආකාරය මෙසේ සටහන් වුනේ ඩැරන් සැමීගේ ජංගම දුරකථන කැමරාවේයි.

ක්‍රිකට් ක්‍රීඩාවේදී එක්ව තරග කලද, ඔලිම්පික් තරග බිමේදී සැමී අයත්වන ශාන්ත ලුසියා රාජ්‍යය සහ බෝල්ට් නියෝජනය කරන ජැමෙයිකාව තරග වදින්නේ ප්‍රතිවාදී කණ්ඩායම් ලෙසයි.

එමෙන්ම බාබඩෝස්, ග්‍රෙනේඩා, ගයානා, ට්‍රිනිඩෑඩ් වැනි ප්‍රතිවාදී රාජ්‍යයන් නියෝජනය කරන කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන් සියලුදෙනාම පාහේ තම කලාපයෙන් බිහිවූ සුපිරි තරුවට සුබ පතන්නට එක්වුණේ ක්‍රීඩාවේ අසිරිය ලොවට ප්‍රදර්ශනය කරමින්.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයන් ඊයේ ට්‍රිනිඩෑඩ් හී පැවති සාදයක් අතරතුර මෙලෙස බෝල්ට්ගේ මීටර් 100 අවසන් තරගය නැරඹීමට එක්වුණා.

Comments

comments

SHARE