දිවීමේ රන් පදක්කමට පැනීම

5110
0

කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට බහාමාස් ක්‍රීඩිකා ෂෝනි මිලර් සමත් විය.

ඒ ඉසව්වේ තවත් ප්‍රධාන රන් පදක්කම් බලාපොරොත්තුවක් වූ ඇමරිකාවේ ඇලිසන් ෆෙලික්ස් පරාජය කරමින්.

මිලර් ඉසව්වේ වැඩි කොටසක් පෙරමුණේ පසු වුවත් අවසන් මීටර් 50 පමණ වන විට ෆෙලික්ස් ඉදිරියට පැමිණෙන්නට සමත් වුණා.

කෙසේ වෙතත් අවසන් රේඛාව ආසන්නයේදී මිලර් බිම අද වැටුනේ අදාළ රේඛාව ඉක්මවා යන ලෙසින්.

ඉන් ලද වාසියත් සමග ෆෙලික්ස් අභිබවා යන්නට මිලර් සමත් වුනා.

ඒ තත්ත්පර 49.44ක කාලයක් වාර්තා කරමින්.

ෆෙලික්ස්ට රිදී පදක්කමත් ජැමෙයිකාවේ ශෙරීකා ජැක්සන්ට ලෝකඩ පදක්කමත් හිමි වුනා.

https://youtu.be/w5u_-vni_w4

SHARE