ශ්‍රී ලංකා යෞවනයන්ට එංගලන්තයේදී පෙරළිකාර ජයක්

528
0

එංගලන්ත වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරග 3කින් සමන්විත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 – 0ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ සමත්වුනා.

ඒ දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 24කින් ජයගනිමින්.

කැන්ටබරි හිදී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා යෞවනයින් පළමුව පන්දුවට  දුන්නා.

පන්දුවාර 49යි එක් පන්දුවක් තුල ඔවුන් සියල්ලන් දැවී ලකුණු 300ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩාකළ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 138ක් රැස් කළා.

ඒ හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් සමගින්.

ඩිලාන් ජයලත් ලකුණු 67යි.

ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 149ක් රස්කලා.

නායක චරිත් අසලංක ලකුණු 30යි.

පන්දු යැවීමේදී බෙන් ග්‍රීන් කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්තය පන්දුවාර 50තුල කඩුලු 9ක් දැවී ලකුණු 276ක් ලබාගත්තා.

ජෝර්ජ් හැන්කින් ලකුණු 79කින් සහ ඔලී පෝප් ලකුණු 87කින් එංගලන්ත ඉනිම සවිමත්කලා.

පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 3ක් බිද හෙලුවා.

එංගලන්ත යෞවනයින් සමග පැවති ටෙස්ට් තරගාවලියද තරග 1 – 0ක් ලෙස ජයගත්තේ ශ්‍රී ලංකාවයි.

01

Comments

comments

SHARE