අවාසනාවන්ත අමිල

4109
0

දුර පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරන්නට ගුවන් හමුදා ක්‍රීඩක අමිල ජයසිරි සමත්වුනා. ඒ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලියේදී. අමිල එහිදී දැක්වූ දක්ෂතාව මීටර්  8.15ක්.

මීට පෙර දුරපැනීමේ ඉසව්වේ සම ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ අමිල ජයසිරි සහ සුජිත් රෝහිත. සුජිත් 1999 වසරේ මහනුවර පැවති  25වන ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර් 7.86ක දුරක් පනිමින් එම වාර්තාව බිහිකලා.

01අනතුරුව අමිල 2014 වසරේ කොළඹ පැවති 92වන ජාතික මහා ක්‍රීඩා උළෙලේදී එම වාර්තාව සම කලේ මීටර් 7.86ක දක්ෂතාවක් දක්වමින්. කොහොම නමුත් ඊයේ දිනයේදී ගුවන් හමුදා ක්‍රීඩක ධනුෂ්ක ලියනපතිරණ එම වාර්තාව අභිබවා ගියේ මීටර් 7.94ක දක්ෂතාවක් දක්වමින්. අනතුරුව සිය අවසන් පිම්ම මීටර් 8.15ක් ලෙස සාර්ථක කරගත් අමිල ජයසිරි යලිත් වතාවක් දුර පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගත්තා.

අමිලගේ මෙම දක්ෂතාව මෙවර රියෝ ඔලිම්පික් ඔලිම්පික් උළෙලේ දුර පැනීමේ පරිසාදන මට්ටම ඉක්මවා යාමක්ද වනවා.

නමුත් කණගාටුවට කරුණ වන්නේ මෙවන් ක්‍රීඩකයින්ගේ දක්ෂතාවන් කල් තියා හදුනාගන්නට මෙරට ක්‍රීඩාව කරවන බලධාරීන්ට තවමත් ක්‍රම වේදයක් නොමැති වීමයි.

Comments

comments

SHARE