තරගකාරිත්වය පරයා මතුවූ ක්‍රීඩාවේ ජීව ගුණය

607
0

මෙවර රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 5000 මූලික වටයේ තරග ඊයේ පවත් වුනා.

පළමු මුලික වටයේ තරගය ක්‍රියාත්මක වෙමින් පවතිද්දී නවසිලන්ත ක්‍රීඩිකා නිකී හැම්බ්ලින් සහ ඇමෙරිකානු ක්‍රීඩිකා ඇබී ඩොගස්ටිනෝ එකිනෙකා සමග ගැටීමෙන් ධාවන පථයේ ඇද වැටුනා.

නවසිලන්ත ක්‍රීඩිකාවට යලි නැගී සිටීමට නොහැකිවුනේ ඇයගේ පාදය ආබාධයකට ලක්වීම නිසයි.

කෙසේ වෙතත් යලි නැගීසිටි ඇමෙරිකානු ක්‍රීඩිකාව කිසිවෙක් බලාපොරොතු නොවූ ලෙසින් නවසිලන්ත ක්‍රීඩිකාව අසලට පැමිණ යලි ධාවනයේ යෙදෙන්නට ඇයට දිරි දුන්නා.

දෙදෙනාම එක්ව යලි ධාවනය ආරම්භ කලත් සුපුරුදු වේගයෙන් දෙදෙනාටම ධාවනයේ යෙදීමට හැකිවුණේ නැහැ.

ඒ ඔවුන් ආබාධයන්ට ලක්ව සිටීම නිසයි.

තවදුරටත් පාදයේ ආබාධය ඉවසා දරාගත නොහැකි වීම නිසා මද දුරක් ධාවනයේ යෙදුනු පසු ඇමෙරිකානු ක්‍රීඩිකා ඇබී තරගය අතහැර දමන්නට තීරණය කලා.

තමන්ට නැගීසිටීමට අත දුන් ඇමෙරිකානු ක්‍රීඩිකාව පසු බසිනු දුටු නවසීලන්තයේ නිකී සිය ප්‍රතිවාදියාට ඉදිරියට යන්නට දිරිදුන්නේ ක්‍රීඩා ලෝලීන් විස්මයට පත්කරමින්.

නවසිලන්ත ක්‍රීඩිකාව ඇමෙරිකානු ක්‍රීඩිකාවට ප්‍රථම තරගය අවසන් කලත් ඇය තරග අවසන් සිමාවේම රැදී සිටියා.

ඒ ඇමෙරිකානු ක්‍රීඩිකාව තරග අවසන් කිරීමේ සීමාවට පැමිණෙන තුරුයි.

තරග අවසානයේ මේ ක්‍රීඩිකාවන් දෙදෙනා එකිනෙකා වලද ගත්තේ සියලු දෙනාගේ නෙතට කදුලක් එක් කරමින්.

කෙසේ වෙතත් ඔලිම්පික් බලධාරීන් තීරණය කලේ මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාගේ ක්‍රීඩා ශීලිත්වය නිසාම ඔවුන්ට අවසන් තරගයේ දොරටු විවර කර දීමටයි.

Comments

comments

SHARE