එංගලන්තයේ අක්කයි නංගියි ඇමෙරිකාවට පරදියි

493
0

මෙවර රියෝ ඔලිම්පික් තරගාවලියේ කාන්තා මීටර් 100 කඩුලු ඉසව්වේ අවසාන තරගය බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තා.

ඒ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා තිබු ක්‍රීඩිකාවන් අතරට  ඇමෙරිකානු ක්‍රීඩිකාවන් තිදෙනෙක් එංගලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඇතුලත්ව සිටීමයි.

විශේෂත්වය වුනේ මෙම එංගලන්ත ක්‍රීඩිකාවන් දෙපල අක්කයි නංගියි වීමයි.

කොහොම නමුත් අවසානයේදී මෙම සොහොයුරියන් දෙදෙනාම පරාජය කරමින් මීටර් 100 කඩුලු ඉසව්වේ පදක්කම් තුනම දිනා ගන්නට ඇමෙරිකානු ක්‍රීඩිකාවන් සමත් වුනා.

මෙවර තරග වාරයේ සිය හොදම කාලය වාර්තා කල සින්ඩි ඔෆිලි තරගයේ සිව්වන ස්ථානය දිනා ගත්තා. ඇගේ වැඩිමහල් සොහොයුරිය වන ටිෆනි පොර්ටර් තරගය අවසන් කලේ හත්වැන්නා ලෙසයි.

මීටර් 100 කඩුලු ඉසව්වේ රන් පදක්කම ඇමෙරිකාවේ බ්‍රිඅන්නා රෝලින්ස් දිනා ගත්තා.

Comments

comments

SHARE