ගැට්ලින්ගේ පදක්කම් සිහිනය බෝල්ට් හමුවීමට පෙරම බොඳ වෙයි. …

538
0

ජැමෙයිකානු කඟවේනාහට මෙවර ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 200 අවසන් තරගයේදී තම ප්‍රධානතම ප්‍රතිවාදියාගේ අභියෝගයට මුහුණ දීමට සිදුවන්නේ නැහැ.

ඒ ඇමරිකාවේ ජස්ටින් ගැට්ලින් පිරිමි මීටර් 200 අවසන් පූර්ව වටයේදී පරාජය වීම හේතුවෙන්.

මීටර් 200 3 වන අවසන් පූර්ව තරගයට එක්වූ ජස්ටින් ගැට්ලින් අවසන් පළමු මීටර් 150 අවසන් වනතෙක්ම පෙරමුණේ පසුවුනා

නමුත් තමන්ට අභියෝගයක් එල්ල වෙනු ඇතැයි බලාපොරොත්තු නොවූ ඔහු අවසන් මීටර් කිහිපය තුල තම වේගය අඩු කළ අතර නොසිතු පරිදි ගැට්ලින් පරයා  යන්නට පැනමාවේ අලොන්සෝ එඩ්වඩ් සහ නෙදර්ලන්තයේ කුරෙන්ඩි මාටිනා සමත් වුනා.

ඔලිම්පික් උළෙලේ කෙටිදුර ධාවන අවසන් තරග සඳහා සුදුසුකම් ලබන්නේ අවසන් පූර්ව තරග තුනේ පළමු – දෙවන ස්ථාන දිනාගන්නා  ක්‍රීඩකයන් සහ අනෙක් ක්‍රීඩකයන් අතුරින් හොඳම කාලය වාර්තා කරන ක්‍රීඩකයන් දෙදෙනායි.

කෙසේවෙතත් දෙවන් අවසන් පූර්ව තරගයේ 3 වන සහ 4 වන ස්ථාන දිනාගත් ක්‍රීඩකයන් දෙදෙනා ගැට්ලින්ට වඩා හොඳ කාලයක් වාර්තා කර තිබීම හේතුවෙන් ගැට්ලින්හට අවසන් තරගයේ ස්ථානය අහිමි වී ගියා.

මේ අතර ජැමෙයිකාවේ උසේයින් බෝල්ට් ඉතා පහසුවෙන් මීටර් 200 අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා. ඒ අවසන් පුර්ව වටයේ දෙවන තරගයට එක්වෙමින්.

පළමු වැන්නා ලෙස ඔහු තරගය අවසන් කලේ තත්ත්පර 19.78ක කාලයක් වාර්තා කරමින්.

බෝල්ට් මේ වසරේ මීටර් 200 තරග ඉසව්ව අවසන් කිරීම සදහා ගතකල හොදම කාලයද මෙයයි.

 

Comments

comments

SHARE