විසි අට වසරකට පසු ඉතිහාසය අලුත් කල ජැමෙයිකානු රූමතිය

804
0

මෙවර රියෝ ඔලිම්පික් උළෙලේ වේගවත්ම ක්‍රීඩිකාව තමන් බව යලිත් වරක් සනාත කරන්නට ජැමෙයිකාවේ එලයින් තොම්සන් සමත් වුනා.

ඒ කාන්තා මීටර් 200 ඉසව්වේ රන් පදක්කමත් තමන් සතු කරගනිමින්.

ඉසව්ව අවසන් කරන්නට එලයින් ගතකල කාලය තත්ත්පර 21යි දශම 78ක්.

මෙවර රියෝ ඔලිම්පික් උළෙලේ කාන්තා  මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේද එලයින් තොම්සන්.

ඇය ඉතිහාසයට එක්වුණේ 1988 වසරෙන් පසු ඔලිම්පික් තරගාවලියකදී කාන්තා මීටර් 100 සහ මීටර් 200 රන් පදක්කම් දිනු පළමු ක්‍රීඩිකාව ලෙසයි.

1988 වසරේදී ඇමෙරිකාවේ ෆ්ලොරන්ස් ග්‍රිෆිත් පළමු වරට ඔලිම්පික් උළෙලකදී මෙවැනි දක්ෂතාවක් දැක් වුවා.

රියෝ කාන්තා මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ මෙම ඉසව්වේ වත්මන් ලෝක ශුරිය වන නෙදර්ලන්තයේ ඩෆ්නි ශිෆස්.

ඇයට ඉසව්ව අවසන් කරන්නට තත්ත්පර 21යි දශම 88ක කාලයක් ගතවුණා.

ලෝකඩ පදක්කම දිනා ගත්තේ තත්ත්පර 22යි දශම 15 කින් ඉසව්ව අවසන් කල ඇමෙරිකාවේ ටෝරි බෝවි.

Comments

comments

SHARE