බිම වැටුණු ඔලිම්පික් පදක්කම

1199
0

රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 X 4 සහය තරග ඉසව්වේ මුලික වටයේ තරග අද පැවැත්වුනා.

එහිදී තරග නීති රීති උල්ලංගනය කිරීම නිසා ඇමෙරිකානු කාන්තා සහය කණ්ඩායමට සිදුවුනේ තරගයෙන් ඉවත් වන්නටයි. දෙවන යෂ්ටි හුවමාරුවේදී ඇලිසන් ෆෙලික්ස් සහ ඉංග්ලිෂ් ගාඩ්නර් අතර සිදුවූ අත් වැරද්දක් ඒ සදහා හේතු වුනා.

මේ නිසා යෂ්ටිය බිම වැටුණු අතර පසුව යලි යෂ්ටිය රැගෙන ධාවනයේ යෙදෙන්නට ඇමෙරිකානු ක්‍රීඩිකාවන් පියවර ගත්තා. කෙසේ නමුත් ඒ වනවිටත් සෙසු කණ්ඩායම් තරගය අවසන් කර තිබුනා.

සහය දිවීමේ තරග නීති රීති අනුව ධාවනය අතරතුර යෂ්ටිය බිම වැටුනහොත් ඔවුන්ට තරගයෙන් ඉවත් වීමට සිදුවනවා.

විශේෂත්වය වන්නේ ඇමෙරිකානු කාන්තා සහය කණ්ඩායම එම ඉසව්වේ ලෝක වාර්තා ලාභිනියන් වීමයි.

Comments

comments

SHARE