එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කිරීමෙදී මත ගැටුමක්…

12794
0

ඔස්ට්‍රේලියාව සමග තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය සඳහා තෝරාගන්නා ශ්‍රී ලංකා සංයුති තෙවරක්‌ නම් කිරීමට සිදුව තිබෙනවා

ඇතමුන්ගේ හිතවත්කම් උඩ නම් කරන ලද ක්‍රීඩකයන් ඉවත් කිරීමට විවිධ පාර්ශ්ව වලින් එල්ල වූ බලපෑම්  හේතුවෙන් මෙම නම් කිරීම අවස්‌ථා කිහිපයකදී සිදුකිරීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

සනත් ජයසුරියගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට්‌ තේරීම් කමිටුව එක්‌දින තරගාවලියේ පළමු තරගය ආරම්භ වීමට දින දෙකක් තිබියදී කණ්‌ඩායම නම් කිරීමට කටයුතු නොකිරීම විශේෂත්වයක්.

එක්‌දින තරගාවලිය ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කවුරුන්ද යන්න ඊයේ පස්වරුව වනතුරුත් කිසිවෙක්‌ නොදැන සිටි අතර අනතුරුව සනත් ජයසුරිය සහ ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ එක්‌ව 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංයුතිය ඊයේ නම් කර තිබෙනවා.

කෙසේ නමුත් මේ වනතුරුත් අදාල සංචිතය ක්‍රිඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සදහා යොමුකර නැහැ.

ටී එම්.ඩිල්ෂාන් සහ මිලින්ද සිරිවර්ධන යළි ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති අතර එම ස්‌ථාන දෙක තෝරා ගැනීම සඳහාද මත ගැටුමක් සිදුවී ඇති බව සදහන්.තිසර පෙරේරාට සහ ඩිල්රුවන් පෙරේරාටද එක්‌දින සංචිතයේ ස්‌ථානයක්‌ හිමිව තිබෙනවා.

වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්‌ඩායමේ පිතිකරුවකු වන 18 හැවිරිදි ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුවද ජාතික කණ්‌ඩායමට පළමු වරට ඇතුළත් කිරීම පිළිබඳවද සාකච්ඡාවක්‌ පවත්වා තිබුණත් ඔහුගේ ඇතුළත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා ප්‍රසාදයක් දක්වා නැහැ.

අවිශ්ක ප්‍රනාන්දු එංගලන්තය සමග පැවැති යොවුන් එක්‌දින තරගාවලියේ අවසන් තරග දෙකේදී ශතක දෙකක්‌ (117 සහ 138) ලබා ගනිමින් විශිෂ්ට දක්‍ෂතා දැක්වුවා.

චයිනමන් පන්දු යවන්නකු වන ලක්‍ෂාන් සඳකැන් සහ රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයකු වන අමිල අපොන්සුද කණ්‌ඩායමට නම් කර ඇති බව සදහන්.

නම්කර ඇතැයි සඳහන් එක්‌දින සංචිතය

ඇන්ජලෝ මැතිව්ස්‌, තිලකරත්න ඩිල්ෂාන්, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්‌, ධනංජය ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, සීකුගේ ප්‍රසන්න, සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් සඳකැන්. අවිශ්ක ප්‍රනාන්දු සහ අමිල අපොන්සු

Comments

comments

SHARE