බෝල්ට් ඉතිහාසය රන් අකුරින් ලියයි

812
0

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා තමන් බව ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් අද යලිත් වරක් සනාථ  කළා. ඒ රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 200 රන් පදක්කම දිනා ගනිමින්. ඉසව්ව අවසන් කරන්නට ඔහු ගත කල කාලය තත්ත්පර 19.78ක්.

ඒ අනුව මෙවරත් මීටර් 100 සහ මීටර් 200 ඉසව්වන්ගේ ඔලිම්පික් රන් පදක්කම් තමා සන්තකයේම තබා ගන්නට ඔහුට හැකි වුනා.

බෝල්ට් ඉතිහාසයට එක්වන්නේ නොකඩවා ඔලිම්පික් තරග තුනකදී මෙම දස්කම සිදුකල ලොව එකම ක්‍රීඩකයා ලෙසයි. මේ වනවිට ඔහු ඔලිම්පික් රන් පදක්කම් 8ක් දිනා ගෙන තිබෙනවා.

2008 වසරේදී ඔලිම්පික් රන් පදක්කම් දඩයම ඇරඹු උසෙයින් බෝල්ට් මෙවර සහභාගී වන්නේ සිය අවසන් ඔලිම්පික් තරගාවලියටයි.

මෙවර රියෝ ඔලිම්පික් තරගාවලියේ සිය තෙවන රන් පදක්කම දිනා ගැනීම සදහා ඔහු හෙට යලි තරග බිමට පිවිසෙනවා. ඒ මීටර් 100X 4 සහය ඉසව්වේ අවසන් තරගයට සහභාගිවීම සදහායි. රියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 200 රිදී පදක්කම් දිනා ගන්නට කැනඩාවේ අන්ද්‍රේ ඩී ග්‍රාස් සමත් වුනා.

ප්‍රංශ ක්‍රීඩක ක්‍රිස්ටෝෆර් ලෙමෙට්‍රේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.

 

Comments

comments

SHARE