යලි හිමිවූ වාසනාව

1463
0

තරග නීති උල්ලංඝණය කිරීමේ වරද හේතුවෙන් ඊයේ දිනයේදී මීටර් 100 හතර කාන්තා අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව අහිමිවුණු ඇමරිකානු කණ්ඩායමට යළි අවස්ථාවක් ලබාදෙන්නට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු බලධාරීන් පියවර ගත්තා.

ඒ, ඇමරිකානු මලල ක්‍රීඩා බලධාරීන් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මීටර් 100 හතර මූලික වටයේ තරගය අතරතුර ඇමරිකානු ක්‍රීඩිකාවන් දෙවන යෂ්ඨි හුවමාරුව සිදුකිරීමේදී යෂ්ඨිය බිම වැටුණු ආකාරයයි මේ.

15 04 02 03

ඉන් අනතුරුව යළි යෂ්ඨිය රැගෙන ඇමරිකානු ක්‍රීඩිකාවන් තරගය අවසන් කළත් සහය දිවීමේ නීතිරීති වලට අනුව ඔවුන් එම තරගයෙන් ඉවත් කළ  කණ්ඩායමක් ලෙස සලකනු ලැබුවා.

කෙසේ වුවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකානු ක්‍රීඩිකාවන් අභියාචනයක් ඉදිරිපත් කරමින් පවසා සිටියේ දෙවන යෂ්ඨි හුවමාරු කලාපය තුළදී බ්‍රසීල ක්‍රීඩිකාවකගේ වැලමිට ඇලිසන් ෆෙල්ක්ස්ගේ ශරීරයේ ගැටුණු බවයි.

මේ නිසා සමබරතාව ගිලිහී යාමෙන් තරගයට අහිතකර බලපෑමක් සිදුවූ බව ඔවුන් පෙන්වා දුන්නා.

තරගයේ පුනරූපන දර්ශන පරීක්ෂා කළ ජගත් ඔලිම්පික් කමිටුව තීරණය කළේ ඇමරිකානුවන්ගේ අභියාචනය සාධාරණ එකක් බවයි.

එබැවින්, බ්‍රසීල කණ්ඩායම තරග නීති උල්ලංඝණය කළ කණ්ඩායමක් ලෙස සළකා ඔවුන් තරගයෙන් ඉවත් කර ඇමරිකානු ක්‍රීඩිකාවන්ට යළි තනිව තරග වදින්නට අවස්ථාව ලබාදීමට ඔවුන් පියවර ගත්තා.

එහිදී මූලික වටයේදී තත්ත්පර 42.7 කින්  ඉසව්ව නිම කරමින් 8 වැනි ස්ථාන දිනාගත් චීන කණ්ඩායම අභිබවා යෑමේ අභියෝගය එහිදී ඇමරිකානු ක්‍රීඩිකාවන්ට හිමිවුණා.

රියෝ ධාවන පථයේ තනිව තරග වැදුණත් මේ වසරේ මීටර් 100 හතර කාන්තා තරග ඉසව්ව සඳහා හොඳම කාලය සනිටුහන් කළ ඇමරිකානු ක්‍රීඩිකාවන් අවසන් තරගයේ සිය ස්ථානය වෙන් කර ගත්තා.

05 06 07 08

Comments

comments

SHARE