කල්පගේ බංගලාදේශයෙන් නෙරපයි

1351
0

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස කටයුතු කරන  ශ්‍රී ලංකාව් රුවන් කල්පගේ එම තනතුරෙන් නෙරපන්නට බංගලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා.ඒ ඔහු සේවයට වාර්තා නොකිරීම නිසයි.

පසුගිය සතියේ ඔහු සේවයට වාර්තාකිරීමට නිමිතව සිටි බවයි බංගලාදේශ ක්‍රිකට් බලධාරීන් පවසන්නේ.

නමුත් කල්පගේ සේවයට වාර්තා නොකිරීම නිසා ලිපියක් යොමුකරමින් ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් බංගලාදේශ ක්‍රිකට් ආයතනය කරුණු විමසා තිබෙනවා.

නමුත් පසුගිය 16වනදා තෙක් කල්පගේගෙන් ඊට ප්‍රතිචාර ලැබී නැහැ.

මේ නිසා පසුගිය 17වනදා රැස් වූ බංගලාදේශ ක්‍රිකට් ප්‍රධානීන් තීරණය කර ඇත්තේ රුවන් කල්පගේ සේවය හැරගියා සේ සලකා බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමටයි.

රුවන් කල්පගේ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු ධුරය සදහා පත්වුණේ 2014 වසරේ අගෝස්තු මාසයේදී.ඒ වසර දෙකක කොන්ත්‍රාත්තුවක් සදහායි.

ඒ අනුව ඔහුගේ සේවා කාලය මේ මස අගදී අවසන් වීමට නියමිතයි.

Comments

comments

SHARE