හිත ඇත්නම් පත කුඩාද

3338
0

මීටර් 3000 කාන්තා බාධක දිවීමේ මුලික වටයේ තරගයකට එක්වුණු ඉතියෝපියානු ක්‍රීඩිකා එටෙනේෂ් ඩිරෝ හට අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවුනා.

ඒ තරගය අතරතුර ඇගේ එක් සපත්තුවක් කැඩී යාම හේතුවෙන්. කෙසේ නමුත් එටෙනේෂ් තරගය අවසානය දක්වාම දිව යන්නට කටයුතු කලේ එක් සපත්තුවක් පමණක් සහිතවයි.

තරගකාරිත්වය සහ අදිෂ්ඨානය සියලු බාධක ජයගන්නා බව තහවරු කරමින් ඇය අවසන් තරගයටත් සුදුසුකම් ලැබුවා.

තරගයෙන් අනතුරුව එටෙනේෂ් වේදනාව දරාගත නොහැකිව හඩා වැටුනේ සියළු දෙනාගේම නෙතට කදුලක් එක කරමින්.

 

02 07 01 05 06 0408

Comments

comments

SHARE