ජැමෙයිකානු කඟවේනා අමරණීයත්වයට……….

737
0

ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා ලෙස අමරණීය විරුදාවලියක් ලබන්නට ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් සමත් වුණා. ඒ, නොකඩවා ඔලිම්පික් උළෙල 3කදී, කෙටිදුර ධාවන ඉසව් තුනේම ජය තහවුරු කර ගත් ලොව එකම මිනිසා බවට පත්වෙමින්.

බෝල්ට් අද තම ඔලිම්පික් දිවියේ අවසන් තරගය සඳහා එක්වුනා. 2008 වසරේ සිට ඔලිම්පික් උළෙල 3ක  දී සහභාගී වූ ඉසව් අටේ දී ම රන් පදක්කම් දිනාගෙන සිටි බෝල්ට් අවසන් රන් පදක්කමද සමගින් මලල ක්‍රීඩා ලොව විශිෂ්ටතමයා බවට පත් කිරීමේ ප්‍රධාන වගකීම තවත් තිදෙනෙක් හට පැවරී තිබුනා. ඒ ඔහුගේ පිරිමි මීටර් 100×4 සහය කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයන් තිදෙනාටයි.

තම රටේ ගෞරවය ඉහලටම ගෙන ගිය මේ විශිෂ්ටයාගේ සමුගැනීමේ සාදය කඩාකප්පල් වීමට ඔවුන් කිසිවෙකුත් ඉඩ තැබුවේ නැහැ. පවෙල්, බ්ලේක් සහ අෂ්මීඩ් පලමු මීටර් 300 අවසානයේ යෂ්ටිය බෝල්ට් හට භාරදුන්නේ ජපාන කණ්ඩායමට පමණක් දෙවැනි වෙමින්.

ඉන් අනතුරුව එළඹුණේ බෝල්ට් රංගනය ඔලිම්පික් තරග බිම වර්ණවත් කරන අවසන් තත්ත්පර 9යි.

සුපුරුදු සැහැල්ලුවෙන් අවසන් රේඛාව වෙත ඉගිල ගිය උසෙයින් බෝල්ට් තම 9 වන සහ අවසන් ඔලිම්පික් රන් පදක්කමේ අයිතිය තහවුරු කර ගත්තා. ලොව කිසිදු ක්‍රීඩකයෙක් මෙම කිසිදු ඉසව්වක රන් පදක්කම 3 වරක් දිනා ගැනීමට සමත්ව නැහැ.

නමුත් වසර 12ක් පුරා දැරූ වේග රජු කිරුළ තවත් වසර 4කත දීර්ඝ කරගත් බෝල්ට් යලි යලිත් තහවුරු කලේ අතීතයේ හෝ වර්තමානයේ මෙන්ම අනාගතයේත් මලල ක්‍රීඩා පිටියට ‘උසෙයින් බෝල්ට්’ නාමය අසලටවත් පැමිණිය හැකි විශිෂ්ටයෙක් බිහි නොවනු අති බවයි.

එබැවින් උසෙයින් බෝල්ට් ජගත් මලල ක්‍රීඩා වංශ කතාවේ ‘විශිෂ්ටතමයා’ ලෙස ‘අමරණීය’ බවට පත් වූ බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

පිරිමි මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම ජපානයටත්, ලෝකඩ පදක්කමටත් හිමි වෙද්දී, තුන් වන ස්ථානයට තරගය අවසන් කළ ඇමරිකාවට පදක්කම අහිමි වුනේ යෂ්ටි හුවමාරු දෝෂයක් හේතුවෙන් ඔවුන්ව තරගයෙන් ඉවත් කරන්නට විනිසුරුවන් පියවර ගැනීම නිසාවෙනුයි.

 

Comments

comments

SHARE