කාන්තා 100×4 ආධිපත්‍ය තවදුරටත් ඇමරිකාවට

432
0

අවසන් පූර්ව තරගයේදී වාසනාව සහ අවාසනාව අතර දෝලනය වුනු ඇමරිකානු ක්‍රීඩිකාවන් ඔලිම්පික් මීටර් 100 සහාය ඉසව්වේ රන් පදක්කම තම රටේම රඳවා ගන්නට සමත් වුණා.

ඒ තම ප්‍රධාන ප්‍රතිවාදීන් වන ජමෙයිකාව අවසන් තරගයේදී ඉතා පහසුවෙන් අභිබවා යමිනුයි.

අවසන් පූර්ව තරගයේදී ඇමරිකානු කණ්ඩායමේ යෂ්ටිය බිම වැටීම හේතුවෙන් ඔවුන්ට තරගයෙන් ඉවත් වන්නට සිදුවුනා.

නමුත් පසුව තහවුරු වුනේ බ්‍රසීල ක්‍රීඩිකාවක් ඇලිසන් ෆෙලික්ස්ගේ ඇඟේ හැපීම මෙම සිදුවීමට හේතු වූ බවයි.

කෙසේ වෙතත් නැවත තනිව තරග වැදීමට ලද අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් අවසන් තරගයට අවතීර්ණ වූ ඇමරිකානු ක්‍රීඩිකාවන් තරග වැදුනේ පළමු මංතීරුවේයි.

එම අසීරු මන්තීරුව පවා තමන්ට අභියෝගයක් නොවන වග ලොවට පෙන්වූ ඇමරිකානු වේග රැජිනියන් පහසුවෙන් තරගය ජය ගත්තේ තත්ත්පර 41.01 ක කාලයක්ල් වාර්තා කරමින්.

තත්ත්පර 41.36කින් තරගය අවසන් කළ ජැමෙයිකාව රිදී පදක්කමත්, මහා බ්‍රිතාන්‍යය ලෝකඩ පදක්කමත් දිනා ගත්තා.

Comments

comments

SHARE