රියෝ පාපන්දු රන් පදක්කම බ්‍රසීලයට

440
0

මෙවර රියෝ ඔලිම්පික් තරගාවලියේ පාපන්දු රන් පදක්කම සදහා අවසන් තරගය පැවැත්වුනේ සත්කාරක බ්‍රසීලය සහ ලෝක ශුර ජර්මනිය අතරයි.

අවසන් තරගය මරකානා ක්‍රීඩාංගනයට 78 000කට අධික ක්‍රීඩා ලෝලීන් පිරිසක් පැමිණ සිටියා.

මේ කණ්ඩායම් දෙකම අවස්ථා දෙක  බැගින් මීට පෙර ඔලිම්පික් අවසන් තරග සදහා සුදුසුකම් ලබා තිබුනා.

නමුත් ඒ කිසිදු අවස්තාවක බ්‍රසීලයට රන් පදක්කමක් දිනාගැනීමට හැකිවුණේ නැහැ.

1976 වසරේදී නැගෙනහිර ජර්මනිය පාපන්දු රන් පදක්කම දිනා ගත්තා.

ඔලිම්පික් අවසන් තරගයකදී බ්‍රසීලය සහ ජර්මනිය එකිනෙකා මුණ ගැසුන පළමු අවස්ථාවද මෙයයි.

තරගය ආරම්භවී මිනිත්තු 26ක් ගතවෙද්දී බ්‍රසීලයට දඩුවම් පහරක් හිමිවුණා.

එම දඩුවම් පහර සාර්ථක කරගත් බ්‍රසීල නායක නේමාර් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.

එම වාසියත් සමගින් ඔවුන් පළමු අර්ධය ගෝල 1 – 0ක් ලෙසින් අවසන් කලේ තරගයේ පාලනය සියතට ගනිමින්.

නමුත් දෙවන අර්ධය ආරම්භවී මිනිත්තු 10ක් ගතවන විට ජර්මනිය ගෝලයක් ලබා ගනිමින් ලකුණු තත්වය සම කළා.

ඉන් පසු නියමිත කාලය අවසන්වනතුරුම කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට හැකිවුණේ නැහැ.

අනතුරුව අතිරේක කාලය දක්වා තරගය දික්ගසුනා.

අතිරේක කාලයේදීද කණ්ඩායම් දෙකම ගෝල ලබා නොගැනීම නිසා තරගයේ තීරණය දඩුවම් පහර මගින් ලබා දෙන්නට විනිසුරුවන්ට සිදුවුනා.

එහිදී දඩුවම් පහර 5 – 4ක් ලෙස සාර්ථක කරගත් බ්‍රසීලය පළමු වරට ඔලිපික් පාපන්දු රන් පදක්කම තමන් සතුකර ගත්තා.

14 15 16 12 13 11 10 06 07 08 09 05 04 03 02

Comments

comments

SHARE