පළමු එක්දින තරගයෙන් කන්ගරුවන්ට ජය

274
0

මෙම  එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් ආර්.ප්‍රේමදාස තනතිරුවේ පළමුව පන්දු යැවීම තෝරා ගත්තා.

මෙම තරගයේදී අමිල අපොන්සු සහ ලක්ෂාන් සඳකැන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකර ගත්තා. කලකට පසු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ කුසල් ජනිත් සහ ටි.එම් .ඩිල්ෂාන්. ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබාගන්නට හැකිවුණේ නැහැ.

මුළු ලකුණු සංඛ්‍යාව 45ක් වෙද්දී ඔවුන් යලි ක්‍රීඩාගාරයට ගොස් සිටියා.කුසල් ජනිත් එක් ලකුනකටත් ඩිල්ෂාන් ලකුණු 22කටත් දැවී ගියා.

ඇද වැටෙමින් තිබු අවදානම් තත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩ ගත්තේ දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස්. ඔවුන් දෙදෙනා තුන්වන කඩුල්ලට ලකුණු 79ක් එක්කලා. ඒ අතරවාරයේ කුසල් මෙන්ඩිස් සිය සිව්වන එක්දින අර්ධ ශතකය වාර්තා කළා.

ජේම්ස් ෆෝල්ක්නර්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යනවිට ලකුණු 67ක් ලබාගෙන සිටියා. මෙන්ඩිස් දැවී යනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 3කට ලකුණු 123ක් ලෙසයි.

ලකුණු පුවරුවට තවත්ලකුණු 8ක් පමණක් එක වෙද්දී මැතිව්ස්ට සහ ධනංජයට ක්‍රීඩාගාරයේ අසුන් පනවන්නට ඕස්ට්‍රේලියා පන්දු යවන්නන්ට හැකිවුනා. මැතිව්ස් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වුනේ ට්‍රැවිස් හෙඩ් ගේ විශිෂ්ට උඩ පන්දු රැකීම හමුවෙයි.

ධනංජය ලකුණු දෙකකට දවා ගන්නට මිචෙල් ස්ටාර්ක් සමත් වුනේ සිය 100වන එක්දින කඩුල්ල ලෙසින්. ස්ටාර්ක් වාර්තා පොත් අතරට එක්වුණේ අඩුම තරග සංඛ්‍යාවකදී මෙම කඩඉම පසුකල පන්දු යවන්නා ලෙසයි. එක්දින කඩුලු 100යේ සීමාව පසුකරන්නට ස්ටාර්ක් සහබාගිවී ඇත්තේ තරග 52කට පමණයි.

මිට පෙර එම වාර්තාවට හිමිකම් කිවේ තරග 53කදී මෙම කඩයිම පසුකල පාකිස්තානයේ සක්ලේන් මුෂ්ටාක්.

කඩුලු 5කට ලකුණු 132ක් ලබා අසරණ තත්වයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට යලි සවියක්වුනේ දිනේෂ් චන්දිමාල් සහ මිලින්ද සිරිවර්ධන 6වන කඩුල්ලට ගොඩනැගු ලකුණු 41ක සබධතාවයි.

චන්දිමාල් අද සිය 20වන එක්දින අර්ධ ශතකය වාර්තා කළා. ඔහු නොකඩවා රැස්කළ 5වන එක්දින අර්ධ ශතකයද මෙයයි.

මිලින්ද ලකුණු 19කට දවිගියා.

වේගවත් පිතිහරබයක් දියත්කල තිසර පෙරේරා පන්දු 14කදී ලකුණු 21ක් රැස්කලා.

දිල්රුවන් පෙරේරා ලකුණු 10යි.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50තුල කඩුලු 8ක් දැවී ලකුණු 227ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ජේම්ස් ෆෝල්ක්නර් කඩුලු 4ක් සහ මිචෙල් ස්ටාර්ක් කඩුලු 3ක් බිඳ හෙලුවා.

ජයග්‍රහණය සදහා ඕස්ට්‍රේලියා ඉනිම ආරම්භ කලේ ඩේවිඩ් වෝනර් සහ ඒරන් ෆින්ච්. ඔවුන් දෙදෙනා සිය කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දුන්නා. ඒ පළමු කඩුල්ලට ලකුණු 40ක් එක්කරමින්.

ඩේවිඩ් වෝනර්ගේ ඉනිම ලකුණු 8කට සිමා කරන්නට තිසර පෙරේරා සමත්වීමත් සමග එම සබධතාව බිඳ වැටුනා. නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හොදින් පහරදෙමින් ෆින්ච් සිය 12වන එක්දින අර්ධ ශතකය රැස්කළා

සිය මංගල එක්දින තරගයට ක්‍රීඩාකළ අමිල අපොන්සුට ගොදුරුවනවිට ෆින්ච් ලකුණු 56ක් ලබාගෙන සිටියා. අනතුරුව නායක ස්ටීවන් ස්මිත් සමගින් පිටියේ එක්වුණු මැතිව් වේඩ් තුන්වන කඩුල්ලට ලකුණු 49ක් එක කළා.

ලක්ෂාන් සඳකැන්ට මංගල එක්දින කඩුල්ල හිමිකරදෙමින් වේඩ් ලකුණු 26කට දවිගියා. ඕස්ට්‍රේලියා කණ්ඩායමට අවශ්‍යව තිබු සබධතාව ගොඩනැගුනේ වේඩ්ගේ දැවියාමෙන් අනතුරුවයි.

සිව්වන කඩුල්ල සදහා පිටියේ එක්වුණු ස්මිත් සහ ජෝර්ජ් බෙයිලි සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ ස්ටීවන් ස්මිත් සිය 12වන එක්දින අර්ධ ශතකය වාර්තා කළා.

හොදින් පන්දුවට පහරදෙමින් සිටි ස්මිත් දැවීගියේ ලකුණු 58ක් ලබාගෙන සිටියදී. ඒ ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ.

ස්ටීවන් ස්මිත් සහ ජෝර්ජ් බෙයිලි සිව්වන කඩුල්ලට ලකුණු 62ක් එක්කලා.

යලිත් ක්‍රියාත්මක වුනු ලක්ෂාන් සඳකැන් මොයිසස් හෙන්රික්ස් ලකුණු 6ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කලේ තරගයට යලි අවතීර්ණ වෙමින්.

තරගය තවත් උණුසුම් වුනේ ජෝර්ජ් බෙයිලි ලකුණු 39කට දැවියාමත් සමගයි. කෙසේ නමුත් ජයග්‍රහණයට ඒ වනවිට කන්ගරුවන්ට අවශ්‍යව තිබුනේ ලකුණු 5ක් පමණයි.

පන්දුවාර 46යි පන්දු 5කදී කදී කඩුලු 7ක් දැවී ලකුණු 228ක් ලබාගෙන ඔවුන් එම ඉලක්කය සපුරා ගත්තා.

පන්දු යැවීමේදී ඩිල්රුවන් පෙරේරා කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව ලක්ෂාන් සඳකැන් කඩුලු 2ක් බිඳ හෙලුවා.

තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ ජේම්ස් ෆෝල්ක්නර්.

Comments

comments

SHARE