චන්දිමාල්ට MRI පරීක්ෂණයක්.

7060
0

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පලමු එක්දින තරගයේදී පන්දුවක් වැදීමෙන් අපහසුතාවට පත් දිනේෂ් චන්දිමාල්ගේ තත්ත්වය අනතුරුදායක නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පවසනවා.

කෙසේ වෙතත් පූර්ව ආරක්‍ෂාව සඳහා ඔහුව MRI ස්කෑන් පරීක්‍ෂණයකට ලක් කිරීමට නියමිතයි.
ලකුණු 56 ක් ලබා සිටියදී මෝයිසස් හෙන්රික්සගේ පන්දුවක් ඉළ ඇට පෙදෙසේ වැදීමෙන් ශ්‍රී ලංකා උපනායකයා බලවත් අපහසුතාවට පත්වුනා. එහෙත් වහාම වේදනා නාශක ලබාගත් චන්දිමාල් ශ්‍රී ලංකා ඉනිම අවසන් වන තුරුම පිටියේ රැඳෙමින් නොදැවී ලකුණු 80 ක් ලබාගත්තා.

එය චන්දිමාල් එක්දින ඉනිම 5 කදී පිට පිටම ලබාගත් පස්වැනි අර්ධ ශතකයයි. එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී බර්මින්හැම් (52), බ්‍රිස්ටල් (62), ලන්ඩන් ඕවල් (63), සහ කාඩීෆ් (53) හිදීත් අර්ධ ශතක ලබාගැනීමට චන්දිමාල් සමත්වුනා.

Comments

comments

SHARE