ජගත් ටෙස්ට් අංක 1 පාකිස්තානයට

588
0

ජගත් ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ අංක 1 ස්ථානය දිනා ගන්නට පාකිස්තානු ක්‍රිකට් කන්ඩායම සමත් වුනා.

ඒ මෙතෙක් දිනක් එම වර්ගීකරණයේ අංක එකේ පසු වූ ඉන්දීය ක්‍රිකට් කන්ඩායම දෙවන ස්ථානය දක්වා ඇද දමමින්.

ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම අතර පැවති අවසන් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසයි පාකිස්තානය මෙලෙස ජගත් ටෙස්ට් වර්ගීකරණයේ අංක එක දක්වා ඉහලට පැමින ඇත්තේ.

පසුගියදා එංගලන්ත සමග පැවති තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2 – 2ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගන්නට පාකිස්තානු කන්ඩායම සමත් වුනා.

පාකිස්තානය ජගත් ටෙස්ට් වර්ගීකරණයේ පෙරමුණ ගත් පලමු අවස්ථව මෙයයි.

නවතම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව 6වන ස්ථානයේ පසු වනවා.

නවතම ටෙස්ට් වර්ගීකරණය

පාකිස්තානය – 111
ඉන්දියාව – 110
ඔස්ට්‍රේලියාව – 108
එංගලන්තය – 108
නවසීලන්තය – 99
ශ්‍රී ලංකාව – 95
දකුණු අප්‍රිකාව – 92
බටහිර ඉන්දීය කොදෙව් – 67
බංග්ලාදේශය – 57
සිම්බාබ්වේ දේශය – 54

Comments

comments

SHARE