රියෝ නුවර වර්ණවත් කල සමාප්තිය

160
0

 

රියෝ ඔලිම්පික් උළෙල අවසන් වුනේ යලිත් වරක් ඇමරිකාවට සමස්ත පදක්කම් සටහනේ ප්‍රමුඛ ස්ථානය හිමි කර දෙමින්. මෙවර ඔලිම්පික් කෙළිබිමේ පෙරලියක් සිදු කල බ්‍රිතාන්‍ය කණ්ඩායම චීනය අභිබවා දෙවන ස්ථානය දිනා ගැනීම කැපී පෙනුනා.

චීනයට හිමි වුනේ 3 වන ස්ථානයයි.

Medal Tally

රියෝ සමාප්ති සමාචාරය බ්‍රසීල සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් වුනා.

ඔලිම්පික් ධජය බෑමෙන් අනතුරුව එය රියෝ නගරාධිපති වරයාගේ අතින් ජගත් ඔලිම්පික් කමුටු සභාපති වරයා වෙතත් ඔහු අතින් මීළඟ ඔලිම්පික් උළෙල පැවැත්වෙන ජපානයේ ටෝකියෝ නුවර ආණ්ඩුකාරවරිය වෙතත් භාර කෙරුනා. මේ අවස්ථාවට ජපාන අගමැති වරයා සුපර් මාරියෝ වීඩියෝ ක්‍රීඩා චරිතය ලෙස සැරසී සහභාගීවීම කැපී පෙනුනා.

 

ඔලිම්පික් ගිනිසිළුව නිවී යාමත් සමග රියෝ අහස ගිනිකෙළි සංදර්ශනයකින් වර්ණවත් වුනා.

 

Comments

comments

SHARE