තුන්වන සහ සිව්වන එක්දින තරග දඹුල්ලට අහිමි වීමේ අවදානමක්…

1522
0

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවත්වීමට නියමිත තුන්වන සහ සිව්වන එක්දින තරග එම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නොහැකි තත්වයක් උදාවී තිබෙනවා.

ඒ එම ක්‍රීඩාංගනයේ ආලෝකකරණ කුලුණු පද්ධතිය නිසි ප්‍රමිතියකින් යුක්ත නොවන බවට තරග තීරක පැවසීමත් සමගයි.

මෙවර තරගාවලියේ විනිසුරුවරුන් විසින් අද පස්වරුවේ  දඹුල්ල ක්‍රීඩාංගණයේ ආලෝක කුලුණු පද්ධතියේ තත්ත්වය නිරීක්ෂණය කොට තිබෙනවා.

එහිදී ඔවුන් පවසා ඇත්තේ එම කුලුණු වල ආලෝක තත්ත්වය ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමට තරම් සුදුසු නොවන බවයි.

පසුගිය කාලය පුරාවටම දඹුල්ල ක්‍රීඩාංගණයට ජාත්‍යන්තර ක්‍රිකට් තරග ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පසුගිය පරිපාලනය පියවර ගත්තේද මෙම හේතුව ඉදිරියට දමමින්.

කෙසේ නමුත් වත්මන් පරිපාලනය අධික පිරිවැයක් දරා දඹුල්ල ක්‍රිකට් ක්‍රිඩාංගනයේ අලෝක කුලුණු පද්ධතිය යලි නවීකරණය කරන්නටද පියවර ගත්තා.

උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් “ශ්‍රී ලංකා ස්පෝට්ස්” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසීමක් කලා.

එහි සභාපති තිලංග සුමතිපාල මහතා පවසුවේ එවැනි තත්වයක් නොමැති බවත් සුපුරුදු පරිදි එම තරග දෙක දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බවත්ය.

Comments

comments

SHARE