කැන්ගරුවන්ගේ දෙවන අභියෝගය අද

298
0

ශ්‍රී  ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වෙනවා. දිවා රාත්‍රී තරගයක් වන මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් .ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී

දෙරට අතර පැවති පළමු තරගය ජය ගන්නට කැන්ගරුවන් සමත්වුනා.

ටෙස්ට් තරගාවලි පරාජයෙන් පසු ඔවුන් ලැබූ මෙම ජයග්‍රහණය එක්දින තරගාවලියට සුබ වාදී පිවිසීමක් බවයි විචාරක මතය.

අද තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් වැදගත් වන්නේ ඔවුන්ට එය යලි එක්දින තරග රිද්මයට පිවිසෙන්නට රුකුලක් වනු ඇති නිසයි.

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගී වී ඇති එක්දින තරග 5න් 4කම පරාජයවී සිටීම ඊට හේතුවයි.

කෙසේ වුවත් අද තරගය පැවැත්වෙන ප්‍රේමදාස තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය වනු ඇතැයි සදහන්.

පළමු තරගය දග පන්දු යවන්නන්ට වාසි සහගත ලෙස සකසා තිබුනත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉන් උපරිම ඵල නෙලා ගත්තාද යන්න ගැටළුවක්.

අද තරගයේදීත් ශ්‍රී ලංකා නායකයා සිය දග පන්දු බලඇණිය කෙරෙහි වැඩි විශ්වාසයක් තබා තිබෙනවා.

බොහෝවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක වෙනස්කමක් පමණක් සිදුවනු ඇති.

ලක්ෂාන් සඳකැන් වෙනුවට සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

ප්‍රේමදාස තණතීරුව දඟ පන්දු යවන්නන්ට උචිත අයුරින් සකසා තිබුනත් පළමු තරගයේදී ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයක් වන ලෙස පන්දු යවනු දක්නට ලැබුනා.

විශේෂයෙන්ම ටෙස්ට් තරගාවලියේදී මෙන්ම ඔහු එක්දින තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ භීතිකාව බවට පත්ව සිටිනවා.

එම නිසා අද තරගයේදී මිචෙල් ස්ටාර්ක්ගෙන් ආරක්ෂා වීම ශ්‍රී ලංකා පිතිකරුවන්ට පැවරෙන අමතර වගකීමක් වනු ඇති.

පළමු තරගයේදී මොයිසස් හෙන්රික්ස්ගේ පන්දුවක් පපු ප්‍රදේශයේ වැදීම නිසා අබාධයකට ලක්වූ ශ්‍රී ලංකා උපනායක දිනේෂ් චන්දිමාල්ගේ තත්වය මේ වනවිට සුව අතට හැරී තිබෙනවා.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම – කුසල් ජනිත්,ටි.එම්.ඩිල්ශාන් ,කුසල් මෙන්ඩිස්,දිනේෂ් චන්දිමාල්,ඇන්ජෙලෝ මැතිව්ස්,දනන්ජය ද සිල්වා,මිලින්ද සිරිවර්ධන ,තිසර පෙරේරා,දිල්රුවන් පෙරේරා,සීක්කුගේ ප්‍රසන්න ,අමිල අපෝන්සු

Comments

comments

SHARE