පරාජයන් දරාගත නොහැකිව කැන්ගරු නායකයා කන්ඩායම අතහැර පලා යයි

2441
0

ශ්‍රී ලංකා තරග සංචාරයේදී දිගින් දිගටම මුහුණ දීමට සිදුව තිබෙන දරුණු පරාජයන් දරා ගැනීමට නොහැකි වීම නිසා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් යලි සිය රට බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව සමග ඉදිරියේ පැවැත්වෙන තරග සදහා කන්ඩායම මෙහෙයවීමේ වගකීම ඩේවිඩ් වෝනර්ට පවරමින්.

ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලියේදී ඔස්ට්‍රේලියාව අන්ත පරාජයකට මුහුණ දුන්නේ එරට මාධ්‍යයන්ගේ දැඩි දෝෂ දර්ශනයන්ට ලක් වෙමින්.

අනතුරුව දෙරට අතර පලමු එක්දින තරගය ඔස්ට්‍රේලියාව ජය ගත්තත් ඊයේ පැවති දෙවන තරගයෙදී යලි අන්ත පරාජයකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වුනා.

ටෙස්ට් තරගාවලියේ දී මෙන්ම මෙතෙක් පැවති එක්දින තරග දෙකේදීද ස්මිත් ලකුණු අතරට පැමිණියේ නැහැ.

මෙවන් වාතාවරණයක් තුලයි ඔහු සිය කණ්ඩායම අතහැර යලි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත්තේ .

එලඹෙන දකුණු අප්‍රිකානු තරගාවලිය සදහා තමන්ට මානසික විවේකයක් අවශ්‍ය බව ස්ටීවන් ස්මිත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා.

ස්මිත් මෙසේ යලි ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට තීරනය කර ඇත්තේ ශ්‍රී ලංකාව සමග තවත් එක්දින තරග 3ක් සහ T20 තරග 2ක් ඉතිරිව තිබියදීයි.

Comments

comments

SHARE