පළමු එක්දින තරගයෙන් එංගලන්තයට ජය

239
0

පාකිස්තානය සමග තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 42කින් ජයගන්නට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත්වුනා .

සදම්ප්ටන් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තානය පළමුව පන්දුවට පහරදුන්නා.

ඔවුන් නියමිත පන්දුවාර 50තුල කඩුලු 6ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 260ක්.

අසාර් අලී ලකුණු 82ක් ලබා ගත්තා.

බාබර් අසාම් ලකුණු 40කින් සහ සෆ්රාස් අහමඩ් ලකුණු 55කින් පාකිස්තානු ඉනිම සවිමත් කළා.

පන්දු යැවීමේදී අඩිල් රෂිඩ් කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 194ක් ලබාගෙන සිටින විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුනා.

අනතුරුව යලි තරගය පවත්වන්නට හැකිවුණේ නැහැ.

තරගය නතරකරනවිට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායම ලබා ගතයුතුව තිබුනේ ලකුණු 151ක් පමණයි.

ජේසන් රෝයි ලකුණු 65යි.

ජෝ රූට් ලකුණු 61ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී උමාර් ගුල් සහ මොහොමඩ් නවාස් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

02 03 05 06 07 08 09

Comments

comments

SHARE