දිල්ශාන්ගේ හදිසි සමුගැනීමට හේතුව සනත්ගේ බලපෑමලු 

27412
0

ටී .එම් .දිල්ශාන් පිලිබදව පසුගිය වකවානුවේ මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ දැඩි කතා බහක් ඇතිවුනා.

ඒ ඔහුගේ සමුගැනීම සම්බන්ධයෙන්.

දිල්ශාන් දැන්ම සමුගන්නවාද නැද්ද යන්න එහිදී සාකච්චාවට බදුන් වුනා.

කෙසේ නමුත් ඩිල්ශාන්ගේ බලාපොරොත්තුව වුනේ තවදුරත් ක්‍රීඩාවේ නිරත වීමටයි.

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරන්නට බොහෝ විට ඔහු සිතා සිටින්නට ඇති.

සමස්තයක් වශයෙන් ගත්කල දිල්ශාන් පසුගිය කාල වකවානුවේදී පිතිකරුවෙකු ලෙස ලොකු අසාර්ථකත්වයක්ද පෙන්වුයේ නැහැ.

1999 වසරේ එක්දින වරම් දිනා ගත්දා සිට දිල්ශාන් මේවනවිට තරග 329කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

ඒ වසර 17ක් පුරාවට ලකුණු 49.18ක සාමාන්‍යයක් රදවා ගනිමින්.

එක්දින තරග 300ක් පුරාවට ලකුණු 50කට ආසන්න සාමාන්‍යයක් රදවා ගැනීම පහසු කටයුත්තක් නොවෙයි.

පසුගිය වසරේදී දිල්ශාන්ගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 52.47ක්.

පසුගියදා අවසන් වුනු T 20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභී ශ්‍රී ලාංකික පිතිකරුවා වුනේද ටි.එම් .දිල්ශාන්.

එවන් තත්වයක් උඩ දිල්ශාන් ලකුණු අතර හෝ දක්ෂතා අතර නැතැයි කෙනෙකුට තර්ක කල හැකිද යන්න ගැටළුවක්.

කෙසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ සනත් ජයසුරිය ප්‍රමුඛ වත්මන් තේරීම් කමිටුව 2019 ලෝක කුසලාන එක්දින තරගාවලිය ඉලක්ක කරගනිමින් සිය සැලසුම් සකස් කරනවා.

ඔවුන්ගේ මුලික බලාපොරොත්තුව වන්නේ එම තරගාවලියට යෞවනයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කිරීමටයි.

එතැන් පටන් දිල්ශාන්ගේ ක්‍රිකට් අනාගතයට කණ කොකා හඩනවා

සනත් ජයසුරිය දිගින් දිගටම දිල්ශාන්ට පවසා ඇත්තේ නවකයෙකුට අවස්තාව ලබා දී හැකි ඉක්මනින් සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරන ලෙසයි.

ඒ අනුව පසුගියදා එංගලන්ත තරග සංචාරයට දිල්ශාන් එක් නොවන්නේ තමන්ට අබාධයක් බව පවසමින්.

නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍යට පැවසුවේ වෙනත්ම කතාවක්.

ඔවුන් මාධ්‍යට පැවසුවේ පෞද්ගලික හේතුවක් නිසා ටි.එම් .දිල්ශාන් එංගලන්ත තරග සංචාරයෙන් ඉවත් වූ බවයි.

බළලා මල්ලෙන් එලියට පැන්නේ ඉන් අනතුරුවයි.

එංගලන්ත තරග සංචාරයට නම් කරන්නේ එම සංචාරය අතර තුර සිය සමු ගැනීම සිදු කරන්නේ නම් පමණක් බව තේරීම් කමිටු සභාපති වරයා දිල්ශාන්ට පවසා ඇතිබව සදහන්.

නමුත් දිල්ශාන් එම කොන්දේසියට එකග වී නැහැ.

ඒ අනුව සනත් කටයුතු කලේ එංගලන්ත සංචාරයෙන් දිල්ෂාන් ඉවත් කිරීමටයි.

මාධ්‍යයේ ප්‍රශ්න කිරීම් හමුවේ සිය පිරිසිදු බාවය රැකගැනීමේ උත්සාහයක නිරතවුණු තේරීම් කමිටු සභාපතිවරයා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේද පුර්ණ ආශිර්වාදයද ඇතිව අදාල සිද්දිය යටපත් කරන්නට මෙහෙයුමක් දියත් කළා.

එහි ප්‍රතිපලයක් ලෙසයි දිල්ශාන් විසින්ම හේතුවක් නිර්මාණය කර ගනිමින් එංගලන්ත සංචාරයෙන් ඉවත් වන බව පැවසුවේ.

අනතුරුවද ඕස්ට්‍රේලියානුවන් සමග එක්දින තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමට පෙර දිල්ශාන්ට සුපුරුදු බලපෑම එල්ල වුනා.

කණ්ඩායමට නම් කරන්නේ තරගාවලිය අතරතුර සිය සමුගැනීම ප්‍රකාශ කරන්නේ නම් පමණක් බව තේරීම් කමිටු සභාපතිවරයා දිල්ශාන්ට යලි පවසා තිබෙනවා.

එම යෝජනාවටත් එකග නොවූ දිල්ශාන් ඔස්ට්‍රේලියාව සමග තුන්වන ටෙස්ට් තරගය එස්.එස්.සී පිටියේ පැවැත්වෙන අතරවාරයේ එහි පැමිණ ක්‍රිකට් සභාපතිවරයා සමග රහසිගත සාකච්චාවක නිරතවුනා.

ඒ සිය ක්‍රිකට් අනාගතයට තේරීම් කමිටු සභාපතිවරයා සිදු කරනු ලබන බලපෑම සම්බන්ධයෙන්.

නමුත් එම සාකච්චාවද පල රහිත එකක් වී තිබෙනවා.

අවසන් මොහොත තෙක් එක්දින තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරන්නට ප්‍රමාද වුනේ දිල්ශාන් කණ්ඩායමට එක් කරගැනීමට මැතිව්ස් ප්‍රමුඛ තේරීම් කමිටුව දැක්වූ අකමැත්තයි.

කෙසේ වුවත් ඔස්ට්‍රේලියාව සමග පළමු එක්දින තරග දෙක සදහා පමණක් නම් කල ශ්‍රී ලංකා සංචිතයට දිල්ශාන් ඇතුලත් කරන්නට තේරීම් කමිටුවට සිදුවුනේ තවත් පාර්ශවයකගේ මැදිහත් වීම හේතුවෙන්.

පනින රිලවුන්ට ඉනිමන් බදීන්නා සේ පළමු තරග දෙකේදීම දිල්ශාන් පිතිකරුවෙකු ලෙස අසාර්ථක වුනේ තේරීම් කමිටුවේ යටි අරමුණ මුදුන් පමුණුවා ගැනීමට අවස්තාව උදාකර දෙමින්.

ඊයේ තරගයෙන් අනතුරුව දිල්ශාන් යලි දෙලොවක් අතර අතරමං වුනේ තරගාවලියේ ඉදිරි තරග සදහා ක්‍රීඩා කිරීමේ වාසනාව සිය සමුගැනීම නිවේදනය කිරීම මත රදා පැවතීම නිසයි.

සුපුරුදු පරිදි තේරීම් කමිටු සභාපතිවරයා දිල්ශාන්ට පවසා ඇත්තේ තව දුරටත් තමාගේ තේරීම් හමුවේ දිල්ශාන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්තාව උදා නොවන බවයි.

ඉදිරි තරග සදහා කණ්ඩායම නම් කිරීමට පෙර සිය තීරණය ලබා දෙන ලෙසත් තේරීම් කමිටු සභාපතිවරයා දිල්ශාන්ට පවසා ඇතිබව සදහන්.

ඒ අනුවයි ටි.එම් .දිල්ශාන් සිය සමුගැනීම ප්‍රකාශ කරන්නට එකගවී ඇත්තේ.

Comments

comments

SHARE