ලහිරු කුමාර ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවයි

482
0

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල එක්දින ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවා තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සමග තුන්වන එක්දින තරගය සදහා නම් කල ශ්‍රී ලංකා සංචිතයේ සිය ස්ථානය වෙන් කරගන්නට ලහිරු සමත් වන්නේ තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්දන වෙනුවටයි.

ලහිරු කුමාර පසුගියදා එංගලන්ත තරග සංචාරයට එක්වූ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහල ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ඉහල දස්කම් දැක්වුවා.

ඔහු එම තරගාවලියේදී ටෙස්ට් තරග දෙකකදී කඩුලු 11ක් දවාගත් අතර එක්දින තරග 3කදී කඩුලු 6ක් බිද හෙලුවා.

19 හැවිරිදි ලහිරු කුමාර මහනුවර ත්‍රිත්ව විදුහලේ ශිෂ්‍යයෙක්.

තුන්වන එක්දින තරගය සදහා නම් කල ශ්‍රී ලංකා සංචිතය මෙසේයි.

කුසල් ජනිත්,කුසල් මෙන්ඩිස්,ටී.එම්.දිල්ශාන්,දිනේෂ් චන්දිමාල්,ඇන්ජෙලෝ මැතිව්ස්,ධනංජය ද සිල්වා,ඇන්ජෙලෝ පෙරේරා,අවිශ්ක ප්‍රනාන්දු,ධනුෂ්ක ගුණතිලක,සුරංග ලක්මාල්,තිසර පෙරේරා,ඩිල්රුවන් පෙරේරා,සීක්කුගේ ප්‍රසන්න,ලක්ෂාන් සඳකැන්,අමිල අපොන්සු,ලහිරු කුමාර.

Comments

comments

SHARE