මිනී වලවල් හෑරූ චන්නට ක්‍රීඩා ඇමති පිහිටවෙයි

480
0

පසුගියදා මාධ්‍ය මගින් ආන්දෝලනයකට ලක්වූ හිටපු පාපන්දු ක්‍රීඩකයෙක් සහ කණ්ඩායම් නායකයෙක් වන ඊ.බී . චන්න අද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවුනා.

එහිදී චන්න අමතා අමාත්‍යවරයා කියා සිටියේ ඉතිහාසයේ ගැටළු අමතක කරමින් අලුතෙන් තම ජීවිතය පටන්ගන්නා ලෙසයි.

කිසිම වෘතියක යෙදෙන කෙනෙක් සදාකාලිකවම එම වෘත්තියේ නියැලෙන්නේ නැති බවත් තමන්ට ජීවිතයේ එන අභියෝග ජයගෙන අධිෂ්ඨානයකින් යුතුව වැඩකළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී පැවසුවා. එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් තමන්ට  දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවත්  දැනට මාතර ක්‍රීඩාංගනයේ සුදුසු තනතුරක් ලබාදීමට කටයුතු කර ඔහුට සාධාරණයක් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Comments

comments

SHARE