පෙරමුණ ගැනීමේ සටන අදයි

207
0

තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය අද පැවැත්වෙනවා.

දිවා රාත්‍රී තරගයක් වන මෙම තරගය පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. මේ වනවිට කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ජයගෙන සිටිනවා.

මේ නිසා අද තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම වැදගත් වන්නේ එය තරගාවලියේ පෙරමුණ ගැනීමට ඉවහල් වන නිසයි. දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී දිවා රාත්‍රී ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ 2010 වසරෙන් පසුවයි.

ඊයේ රාත්‍රී කණ්ඩායම් දෙකම සිය අවසන් පුහුණු සැසියන්ට එක්වුණා. අද තරගය ලොව බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සමුගැනීම සනිටුවන් කරනවා. ඒ ටී එම් ඩිල්ශාන්.

මේ නිසා ඩිල්ශාන්ගේ සමුගැනීමේ සාදය කඩාකප්පල් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවිටෙකත් කටයුතු නොකරනු ඇති.

අප කල විමසීමකදී තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා පැවසුවේ අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු නොවනු ඇති බවයි. ඒ අනුව දෙවන තරගයට ක්‍රීඩාකළ කණ්ඩායම අද තරගයටත් ක්‍රීඩා කරනු ඇති.

ඔස්ට්‍රේලියාව අද තරගයට එක්වන්නේ ඩේවිඩ් වෝනර් ගේ වැඩ බලන නායකත්වය යටතේයි.

දෙවන තරගයේ පරාජයෙන් අනතුරුව නිත්‍ය නායක ස්ටීවන් ස්මිත් කණ්ඩායම අතහැර සිය රට බලා ගියේ තමන්ට මානසික විවේකයක් අවශ්‍ය බව පවසමින්. වෝනර් ඕස්ට්‍රේලියා එක්දින කණ්ඩායමට නායකත්වය ලබාදෙන පළමු අවස්ථාවද මෙයයි.

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

ධනුෂ්ක ගුණතිලක,ටී එම් ඩිල්ශාන්,කුසල් මෙන්ඩිස්,දිනේෂ් චන්දිමාල්,ඇන්ජෙලෝ මැතිව්ස්,ධනංජය ද සිල්වා,කුසල් ජනිත්,තිසර පෙරේරා,සීක්කුගේ ප්‍රසන්න,ඩිල්රුවන් පෙරේරා,අමිල අපොන්සු.

Comments

comments

SHARE