එංගලන්තය එක්දින තරගාවලියේ පෙරමුණ ගනී.

254
0

පාකිස්තානය සමග පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පෙරමුණ ගන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවන තරගය කඩුලු 4 කින් ජය ගනිමින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහර දුන්නා.

නමුත්, එම තීරණය යහපත් එකක් නොවූයේ ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 125 ක් තුළ බිද වැටීම නිසයි.

කෙසේ නමුත්, පාකිස්තාන ඉනිම ගොඩගන්නට සෆ්රාස් අහමඩ් කටයුතු කළේ සිය සගයින් සමග සාර්ථක ඉනිම් තුනක් ගොඩනගනිමින්.

සෆ්රාස් බාබර් අසාම් සමගින් එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 64 ක් එක්කළා.

අනතුරුව ඔහු ෂොයිබ් මලික් සමගින් එක්ව 5 වන කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 53 ක්.

සිය විශිෂ්ටත්වය මැනවින් පෙන්නුම් කළ සෆ්රාස් අහමඩ් 6 වන කඩුල්ල සඳහා ඉමාඩ් වසීම් සමග එක්ව ලකුණු 77 ක සබඳතාවක් ගොඩනැගුවා.

ඒ අතරවාරයේදී අහමඩ් සිය දෙවන එක්දින ශතකය වාර්තා කළා.

බාබර් අසාම් ලකුණු 30 කින් සහ ඉමාඩ් වසීම්  නොදැවී ලකුණු 63 කින් පාකිස්තානු ලකුණු පුවරුව ඔසවා තැබුවා.

පන්දුවාර 49 යි පන්දු 5 ක් අවසානයේ පාකිස්තානුවන් සියල්ලන් දැවී ලකුණු 251 ක් රැස් කළා.

පන්දු යැවීමේදී මාක් වූඩ් සහ ක්‍රිස් වෝක්ස් කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 35 ක් වෙද්දී ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත්ව සිටියා.

කෙසේ නමුත්, තුන්වන කඩුල්ලට පිටියේ එක්වුණේ ජෝ රූට් සහ ඔයින් මෝගන් එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණයට  අවශ්‍ය වුණු අඩිතාලම දැමුවා.

ඒ, ලකුණු 112 ක සබඳතාවක් ගොඩනගමින්.

මෝගන් ලකුණු 68 යි.

ජෝ රූට් ලකුණු 89 කට දැවී ගියා.

අනතුරුව බෙන් ස්ටොක්ස් පන්දු 30 කදී වේගවත් ලකුණු 42 ක් ලබා ගත්තේ එංගලන්තයට  ජයග්‍රහණය හිමිකර දෙමින්.

පන්දුවාර 47 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 255 ක් ලබාගෙන එංගලන්ත කණ්ඩායම මේ තරගය ජය ගත්තා.

ජෝ රූට් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබුවා.

දෙරට අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2 – 0 ක් ලෙස එංගලන්තය මේ වනවිට පෙරමුණේ පසුවනවා.

02 03 04 05 06 07 08 09 10 11

 

 

 

 

Comments

comments

SHARE