ශ්‍රී ලංකා යෞවනයෝ ආසියාව හොල්ලයි.

247
0

ආසියානු වයස අවුරුදු 18න් පහල  සත් සාමාජික රග්බි තරගාවලියේ ශුරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුනා.

ඒ අවසන් තරගයේදී චීන තායිපේ කණ්ඩායම පරාජය කරමින්.

තරගය ආරම්භයේ පටන්ම කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරතවුනා.

පළමු අර්ධය අවසන් වුනේ ලකුණු 5 – 0ක් ලෙස චීන තායිපේ කණ්ඩායම පෙරමුණේ පසුවෙමින්.

දෙවන අර්ධයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ප්‍රභල ලෙස තරගයට අවතීර්ණ වුනා.

ඒ උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින්.

දෙවන අර්ධයේදී චීන තායිපේ ක්‍රීඩකයින්ට ලකුණු ලබා ගැනීමට හැකිවුණේ නැහැ.

ඒ අනුව මේ තරගය ලකුණු 10 – 05ක් ලෙස ජය ගන්නට ශ්‍රී ලංකාවට හැකිවුනා.

මෙම තරගාවලිය පැවැත්වුනේ චීන තායිපේ හිදී

Comments

comments

SHARE