ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ක්‍රීඩකයින් විකුණා මුදල් හම්බකිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කර තිබෙනවා – අර්ජුන රණතුංග

347
0

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ක්‍රිකට් ක්‍රීඩකයින් විකුණා මුදල් හම්බකිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

සේව් ද ස්පෝර්ට් ක්‍රීඩා සංවිධානය සංවිධාන කරන හත්වන ක්‍රීඩා  පුහුණු කඳවුර අද ගම්පහ ඌරාපොළ මධ්‍ය මහා විද්‍යාලයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේබව පැවසුවා.

මෙම ජාවාරම සදහා ක්‍රීඩා අමාත්‍යවරයාගේද ආශීර්වාදය හිමිව ඇති බවත් රණතුංග මහතා මෙහිදී වැඩිදුරත් පැවසුවා.

Comments

comments

SHARE