ඩිල්ශාන්

647
0

මම දන්නවා එක එක අයට මේ කතාව වෙනස් විදිහට කියන්න කරුනු කාරණා තියෙන්න පුලුවන් …. ඒත් මේ මම ලියන විදිහ….මගේ මතකය….. සහ මම හිතන විදිහ …….

මීට වසර 6 කට පමණ ඉහතදී දවසක කොළඹ සරවනමුත්තු පිටියට මම උදේ පාන්දරම ගියේ අන්තර් වෙලඳසේවා( mercantile) අවසාන පූර්ව තරඟයට සහභාගී වීමටයි…. එදින තරඟය පැවැත්වුණේ MAS Unichela කණ්ඩායම සහ සම්පත් බැංකු කණ්ඩායම අතරයි…….එහිදී මා දුටු සහ මගේ කණ වැකුණු යම් සිදුවීමක් ඔස්සේ මේ කතාව දිග අරින්න මා කැමතියි……

Coach (මහේෂ් වීරසිංහ)-

ආ…. ඩිල්ශාන් කොහොමද ඇඟිල්ල…..කවද්ද යන්න තියෙන්නෙ……?

T M  ( ඩෙනිම් කලිසමක් සහ ලිනන් වර්ගයේ කමිසයක් ඇඳගෙන පිටිය තුලට එමින්)-
තාම හරියට හොඳ නෑ coach…. අපි අනිද්දා යන්නෙ….

Coach- ඔයත් අද හිටිය නම් මරු ඩිලී

TM- මේක දිනන්නම ඕනෙද?

Coach- ඔව් මේක semi යක්….

TM- එහෙමද….. මල්ලි ඔය බැට් එක පොඩ්ඩක් දියන් …..

ලඟ සිටිය තවත් කෙනෙක් ගෙන් පිත්තක් ඉල්ලගෙන කීප  සැරයක් බෝල කීපයකට ගහල බලපු TM

” coach මං ගහන්නම්”

” ඔයට sure ද ඩිලී…..”

“දිනන්න ඔනේ නේ … මං ගහන්නම්….”

” මල්ලි මෙන්න යතුර කාව හරි යවලා මගේ bag එක අරන් එන්න කියපන් කොල්ලො….”

කණ්ඩායමේ සහයකයා දුවලා ගිහින් bag එක අරගෙන ආවා……සුලු මොහොතකින් තරඟය ආරම්භ වුණා  MAS කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දුන්න අතර ඉනිම අවසන් වෙද්දි මුලු ලකුණු සංඛ්‍යාව 240 පමණ වුනා….. මගේ මේ කතාවේ කථා නයකයා…. එහෙමත් නැත්නම් TM ….මේ ඉනිමට එකතු කල ලකුණු ගණන 100 ක්….තාමට ජාතික කණ්ඩායම සමග සංචාරයක් දින දෙකකින් යාමට තිබියදී…..තමාගේ අතේ සුව නොවුන තුවලයක් ( ඇඟිල්ලක අස්ථි බිඳුමක්) තිබියදිත් තම කණ්ඩායමට තම පුහුණු කරුට තමාගේ සේවය ලබා දීමට දෙසැරයක් ඔහු හිතුවේ නෑ…..ඒ විතරක් නෙවෙයි….. බොහොම ලෙහෙසියෙන් සම්පත් බැංකු කණ්ඩායමට දිනීමට තිබුණු තරඟයක් …….ලකුණු 70 ගනනක් ලබාගෙන හිටිය තිලිණ කණ්ඩම්බිව ….. දුවද්දී දවා ගැනීමකට හසු කරවාගෙන තම කණ්ඩායම වෙත ජය ගෙන එන මාවතට අරගෙන එන්න මේ ක්‍රීඩකයාට ගත වූයේ ඇසි පිය හෙලන නිමේශයක් පමණි……..

මේ දවස් වල හැමෝම මහන්සි වෙනවා T M ඩිල්ශාන් ගේ ගුණ මතක් කරලා දෙන්න…..ජාත්‍යන්තර පිටියේ එයා කල දේවල් පෙන්නන්න……. ඒත් මම මේ ලියන දේවල්  අද මම ලියන්නේ ….ඔහු සමග ප්‍රතිවාදියෙක් විදිහට බොහෝ අවස්තාවන් හීදී ක්‍රීඩා කල ඒ වගේම පෙර කල වාසනාවක් නිසාම ඔහුගේ නායකත්වය යටතේ( එවකට ඔහු ශ්‍රී ලංකා ක්ණ්ඩායමේ නායකයාද වීය) එකම එක අවස්තාවක් ක්‍රීඩා කරණ වරම ලද ක්‍රීඩකයෙක් විදිහට මා හට ඔහු ගැන තිබෙන මතකයන් පිලිබඳවයි………….
අපේ කාලයේ අපි ක්‍රිකට් තරු වලට ආස කරන හේතු බොහොමයක් තියෙනවා….. ඒත් පුදුමෙකට වගේ මම මේ ක්‍රීඩකයාට ආස වුන ආදරේ කල ප්‍රධානම හේතුව වුනේ ඔහුගෙන් මා දුටුව අප්‍රථිහත එහෙමත් නැත්නම් අසාමාන්‍ය දහිරිය නිසා කියලා මට කියන්න පුලුවන් …. කලු ගං මිටියාවතට තරමක් ඔබ්බෙන් පිහිටි පරිසරයක සිට උදේ හවස කිලෝ මීටර 3 ක් 4 ක් පයින්ම කලුතර විදුහල් මාතාව වෙත පිය මැන්න මේ දඟකාර කොලු ගැටයාට පුදුමාකාර උන්න්දුවක් උවමනාවක් ක්‍රීඩාවන් සම්බන්ධව තිබුන බව එවකට පාසලේ හිටිය සෑම සිසුවෙක් වගේම ගුරුවරයෙක්මත් දැනගෙන හිටියා……..එයට ප්‍රධනම හේතුවක් විදිහට ඔහුගේ පියාගේ ක්‍රීඩා ජීවිතයත්( ජාතික කණ්ඩායම නියෝජන මට්ටමේ සිටි දක්ශ පාපන්දු ක්‍රීඩකයෙක් ) මවගෙන් ලැබුන අනුබලයත් බොහෝ දුරට බලපෑ බව පසු කාලයේදී මට දැන ගන්න ලැබුනා…..මොකද පියෙකුගෙන් පුතෙකුට ලැබෙන දායදයන් අතර ක්‍රීඩා කුසලතා ඉහලින්ම තියන්න පුලුවන් අතර අම්මගෙන් ඒවට ලැබෙන අනුබලය මත ඒ ක්‍රීඩා ජීවිතේ ඉහලටම යන්න පුලුවන් බව මං මගේ පුද්ගලික අත්දැකීමෙන්ම දන්නා දෙයක්…….. පියාගේ පොලීසියේ රස්සාවෙන් මේ පවුලේ හැම දේම පිරිමහ ගන්න බැරි උනත් අම්මා මේ පුතාට කිසිම අඩුවක් නොවන්නට වග බලගෙන ඇති බව මට හොඳින්ම වැටහුනේ ,…..අතීතයේ සිටම සුද්දෙක්ට දෙවෙනි නොවන්නට හුරුවක් ඇති , ලාංකීය ලේ ඇති හොඳ පිරිමි ජවයක් තියෙන පුතෙක් විදිහට 2005 /06 කාල වකවානුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතා පුහුණු කරු (trainer)ලෙස කටයුතු කල C J CLARK ට කල අභියෝගය නිසාවෙනි……..ඒ වන විටත් පැය එකහාමාරකට ආසන්න කාලයක් ඉතා අසීරු පුහුණු සැසියක නිරත වෙලා සිටි අපේ ක්‍රීඩකයන්ව අපහසුතාවයට පත්වන අයුරින් විහිලු තහලු කල CJ CLARK අපේ ක්‍රීඩකයන්ට අභියොගයක් කලා……..”if any one can beat me now by running a 100 meters …. We will stop the session right now ….if he lose ….. You all have to run another 10 hundred meters ….to end the session”
කොයි තරම් ජවය තිබුණ ක්‍රීඩකයන් අපේ කණ්ඩායමේ හිටියත්….ඒ වෙලව වෙද්දි කිසි කෙනෙක්ට “පාන්” කියා ගන්න බැරි තරම් මහන්සි බව CJ CLARK දැනගෙන හිටිය……..ඒත් ඔහු දැනගෙන හිටියේ නැහැ මේ අය අතරේ කිසි කෙනෙක්ට දෙවෙනි වෙන්න අකමැති ….. අන්තිම හුස්ම යන්න තිබ්බත් දිනුම අත අරින්නෙ නැති තරුණ ක්‍රීඩකයෙක් හිටිය බව……ඒ මොහොතේ ඩිල්ෂාන් මෙන්න  මෙහෙම කිවුවා…..” Im running…. I win you have to run another 10 hundred meters…..” මේ සිදුවීම කොළඹ නිදහස් චතුරස්‍ර ක්‍රීඩා පිටියේ සිදු වෙද්දි මගේ ඇස් දෙකෙන් දැක ගන්න තරම් මම වාසනවන්ත වුන එක මගේ ක්‍රීඩා ජීවිතේටත් මාර ගැම්මක් ගෙනල්ලා දුන්නා…. අපේ කොල්ලා දිහා බලාලා කෝචොක් හිනාවක් දාපු CLARK ” ok i agree”…..කියලා දෙන්නා තරඟය ආරම්භ කලා………එතරම් මහන්සි වෙලා ඉද්දිත් තමන්ගේ කණ්ඩායමේ සගයින්ව බේර ගන්න …ඉදිරිපත් වුණ ඩිල්ෂාන් අවසාන මීටර 20 දිව්වේ කෑමක් දෙන්න බල්ලෙක්ට “ඉඦු ඉඦු “කියා කතා කරන අයුරින් CLARKටද කතා කරමිනුයි……… ඒ දහිරිය විස්වාසය….. සාමාන්‍ය මිනිහෙක්ට ක්‍රීඩකයෙක්ට තියෙනවා ඒ දිනයට කලින් මම දැකලා තිබුනේ නැහැ…….. ක්‍රීඩකයෙක් විදිහට තරඟයකට ඉදිරිපත් වෙද්දී  ඔහුට තිබුනේ එකම අරමුනක් විතරයි………ඒ …. දිනුම…..ඔහුට අවශ්‍ය වුනේ එපමනයි…. ඒ සඳහා ක්‍රීඩාවේ ජීව ගුණය රකින එක සාර දර්ම රකින එක ඔහුගේ ක්‍රීඩා දිවියේ මුල් කාලයේ එතරම් දකින්න නොලැබුනේ…. ඔහු හැම විටම අගය කල, කැපවීමට තැනක් දෙන්න ඕනෑ වුන නිසා / මහන්සියේ ප්‍රතිඵලයක් දකින්න ඕනෑ වුන නිසා කියලා මට පසු කාලයේ ඔහු දෙස බලාගෙන ඉද්දී හොඳින් තේරෙන්න ගත්තා……..මොකද ඔහුට ඔනෑ වුනේ දිනන්නම විතරයි….

මැටින් එකේ ක්‍රිකට් ගහපු අයට turf එකේ ගහන්න බැහැ කියලා මතයන් ගෙන් ගහන වී තිබුන යුගයක ( කල්පනා කරලා බලන්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා අන්තර් සමාජ තලයට එන කාලේ හිටිය බොහෝ ක්‍රීඩකයන් ඉහල නම් තියෙන පාසැල් වලින් පැමිනි අය)
ඒ හැම හැල හැප්පීමකටම බොහොම අපහසුවෙන් උනත් දහිරියෙන් මුහුන දී අද වෙනකොට ඇවිත් තියෙන ගමන පුරා….ලෝකයේ අති බිහිසුනු වේග පන්දු යවන්නන්ගේ අතින් ගිලිහෙන පන්දු… ක්‍රීඩා පිටියේ අංශක 360 ටම නැවත හරවා යවන්න ඔහුගේ පිත්තට හැකියාව ලැබුනේ මැටිමෙන් ක්‍රිකට් ආර්ම්භ කල ගැම්ම නිසාම බව ලොකයට ඔබ හරි ලස්සනට කියලා දුන්නා..

මහේල ජයවර්ධන ගේ නායකත්වය සමයේ මැද පෙල පිතිකරුගේ ස්ථානය අහිමි වීම මොහුගේ ක්‍රීඩා ජීවිතයට වසන්තය ගෙනාවා කියලයි මට නම් අදටත් හිතෙන්නේ….කොලඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේදී….එවකට සිටිය ප්‍රභලම වේග පන්දු යවන්නන් 3 දෙනෙක් තමා වෙත එවූ පන්දු ක්‍රීඩා පිටියෙන් එහා තිබුනු මාර ගස් උඩ රදවන්නට හැකි වුණු මොහු එදින පටන් ආරම්භක පිතිකරු තනතුරේ වැඩ බාරගත්තේ තාමගේ නමට එකී තරඟයේදී ලකුණු 170 කට වඩා ලබා ගනිමිනි. පුලුවන් නම් opener කෙනෙක් විදිහට ගහන්න කියලා මහේල ජයවර්ධන ඔහුට නිකමට වගේ කිව්වා කියලා මම හිතන්නෙ නැහැ….. ඔහු උනත් දැනගෙන හිටියා….. ඩිල්ෂාන් යනු කොයි ආකරයේ ක්‍රීඩකයෙක්ද කියලා….

නිතරම ප්‍රතිවාදියා විදිහට මුන ගැසුන ඔහුගෙන් මුලින්ම පුද්ගලිකව ලැබුන වාග් ප්‍රහාරය මට අද වගේ මතකයි……2008 වසරේ අන්තර් සමාජ ක්‍රිකට් තරඟ මලාවේ එක්දින අවසන් තරඟයේ (Bloomfield vs Tamil union) දෙවනියට පන්දුවට පහර දුන් Tamil union කණ්ඩායමේ අවසන් කඩුල්ල වුණු මම සහ සුරංග ලක්මාල් පන්දු කීපයක් අපේ කඩුල්ල ආරක්ෂා කර ගන්න දඟලද්දි අපි දෙන්නා ලඟට ආව ඩිල්ෂාන් ” මොකෝ උඹල දෙන්නා 100 දෙකක් ගහන්නද කල්පනාව ….” කියලා අහද්දි අපි දෙන්නටම කට උත්තර නැති වුනා…. ඒ වෙද්දි සුරංග ලක්මාල් ජාතික කණ්ඩායමට තේරිලා තිබුනෙත් නැහැ……..මේ විදිහට අපිව බය කල T M ඩිල්ෂාන් හරියටම ඊට වසර 3 කට පස්සෙ Tamil union කණ්ඩායමට එකතු වුනේ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ නයකයා විදිහට කටයුතු කරන සමයේදිය…..පෙර කල වාසනාවක් නිසාම ඔහුගේ යටතේ එක තරඟයක් හෝ ක්‍රීඩා කිරීමට හැකි වීමෙන් මා හට පෙර නොදුටු වෙනස්ම පුද්ගලයෙක් ඔහු තුලින් දක්නට ලැබින….. එදින තරඟයේ ඉසුරු උදාන සමග නව පන්දුව මා හට බාර වුනත් ජීවිතේ කවමදාවත් නොතිබ්බ තැති ගැන්මක් චකිතයක් මට තිබ්බා…. මොකද මම දන්න ඩිල්ෂාන්ගෙ හැටියට නිකමට හරි පුංචි වරදක් මගේ අතින් උනොත් මං හිතුවෙ මම ඉවරයි කියලා……නමුත් සිද්ද වුනේ වෙනමම දෙයක්……”මල්ලි ලෝකේ හොඳම බොලර් ටත් ගුටි ලැබෙනවා…..ඒ නිසා ඒවා ගැන බය නැතුව තදට දාපන් …. ඔනේ දෙයක් තියෙනවා නම් කියපන්…..අපි ෆීල්ඩ් එක සෙට් කරලා දාමු හරියට”  මට දැනුන සහනය කොහොමද කියන්නෙ, මම නතර වුනේ පලවෙනි ඕවර් 3 ට කඩුලු 3ක් අරගෙන….. නායකයෙක් විදිහට වගකීමක් ලැබුනට පස්සෙ අර කලින් හිටිය දඟකාර කට කාර , හිතුවක් කාර ඩිල්ෂාන් වෙනස් වුනු විදිහ තවත් සනාත කල දෙයක් ඒ තරඟයේදිම සිද්ද වුනා. අශාන් ප්‍රියංජන් සමග ඉක්මන් ලකුනක් ලබා ගන්න ගිහින් ඩිල්ෂාන් දුවද්දී දැවී ගියා…. අපි ඔක්කොම හිතුවෙ තරඟයෙන් පසුව හරි ඔහු ඒ ගැන යමක් අශාන්ට තදින් කියාවි කියලයි…. ඒ වෙනුවට ඔහු කිව්වෙ ” අපරාදෙනෙ මල්ලි…. මං අවුට් වුන එකේ උඹ හරි ඉවර කරන්න තිබ්බනේ මැච් එක…. අපරාදෙ උඹ අවුට් වුනේ….” එදා ඒ තරඟය ඉවර වුනු ගමන් ඔහු ගියේ ක්‍රිකට් පාලක මණ්ඩලයට…..එදින රාත්‍රියේ ඔහු දකුණු අප්‍රිකාව බලා ලංකා කණ්ඩායම එක්ක පිටත් වුනා….

මේ හැම දේමත් එක්ක ……ඔහුගේ ක්‍රීඩා ජීවිතේ අපි කවුරුවත් නොදන්නා දේවල්ද තියෙන්නට පුලුවන්…..තවත් බොහොම විශේෂම කාරණයක් වන්නේ ඔහු කවදාවත් තමන් සතු බලය අනිසි ලෙස පාවිච්චි නොකල ක්‍රීඩකයෙක් වීමයි …… එකම පවුලේ එකම අම්ම තාත්තාට දාව ඉපදී එකම බත් පත බෙදාගෙන කා එකටම හැදී වැඩුන තම සොහොයුරාද තමන් මෙන්ම සිව් ඉරියව්වෙන්ම දස්කම් දක්වනවා කියලා දැක දැකත්  තමන් ලංකාවේ කණ්ඩායමේ නායකයා විදිහට කුමණ හෝ අයුරක උදව්වක් කර අඩුම තරමේ ශ්‍රී ලංකා A කණ්ඩායමට හෝ තම සොහොයුරාව ඇතුල් කිරීමට හොඳ හැටිම අවස්තාවන් තිබිලත් ඔහු එලෙස නොකලේ තවත් බොහෝ දෙනෙක්ට හොඳ ආදර්ශයන් ලබා දෙමින් කියලයි මට නම් හැඟෙන්නේ………

වර්ෂ 1999 පටන් ගත්තද 2009 සිට නැවත ඉපිද අද දින දක්වා මෙම ක්‍රීඩකයා මේ රටට කල මෙහෙය ගැන මට වඩා ඔහුගේ ක්‍රීඩා රටාවට පිස්සුවෙන් වගේ ආදරය කරන බොහෝ දෙනා පහුගිය දින 4 පුරාම FB එකේ අතුරු සිදුරු නැති වෙන්නටම එකතු කල හැඟීම් වලින් මතකයන් වලින් ඔප්පු වෙනවා….. 2009 20/20 ලෝක කුසලානයේදී ඔහු විසින් ලෝක ක්‍රිකට ඉතිහාසයට නවතම පහරක් නිර්මාණය කරමින් මෙතෙක් ලොව බිහිවූ කිසිම අග්‍ර ගන්‍ය ක්‍රීඩකයෙකුට කල නොහැකි වූ දෙයක් ක්‍රීඩාවට දායද කල ඔහුගේ නමින් “ඩිල් ස්කූප්” පහර සදා මතකයේ පවතීවි……………

තවත් අටුවාඨීකා කියලා වැඩක් නැත. ඔබ සැබවින්ම වීරයෙක් බව මුලු ලෝකයක්ම දනී…. මා ඉගෙන ගත් පාසලෙන් මේ රටට බිහි කල රොෂාන් මහනාම, අසංක ගුරුසිංහ , කුමාර ධර්මසේන , මහේල ජයවර්ධන ට මම කොතරම් ආසා කලාද ආදරය කලාද…….. ඊට අමතරව මේ රට නියෝජනය කල මා ආදරය කල /අනුගමනය කල ක්‍රීඩකයන් අතරින් ඉහලම තැනක් මම ඔබට මගේ හදවත තුල ලබාදී තිබුනේ අදක ඊයෙක ඉඳලා නොවන බව ….. ඔබ ගැන මගේ මතකයේ තිබුන සමහර මතක සටහන් දෙස බැලුවාම ඔබටත් අනිත් හැමෝටමත් තේරේවි…….තරුණ පරම්පරාව….. ඔබගෙන් ලැබුන පන්නරය දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දේවි කියලා බලාපොරොත්තුවක් තිබුනද ඔබ ක්‍රීඩා පිටියේ නැති අඩුව නම් සෑහෙන්න දැනේවී……

තරඟයේ අවසාන තීරණාත්මක පන්දු ඕවර වලදී හතරේ සීමව අසලත් මුල් පන්දු වාර කීපයේ cover point කලාපයෙත් ඔබ කල මෙහෙය ගැන කියන්න වචන නැති තරම්…..වරක් තම ඇහි බැම පැලී මැහුම් දමා තිබියදීත් කඩුලු රකින්නත්, දකුනු අතේ මහපට ඇඟිල්ල කැඩී තිබියදී නායකයා විදහට තම සේවය උපරිමයෙන්ම කර “ලෝර්ඩ්ස්” ක්‍රීඩා පිටියේ ලබා ගත් ලකුණු 190 ගනනත් ඔබ කොයි තරම් දහිරිය සම්පන්න මිනිසෙක්ද යන වග ලෝකයටම පෙන්වා ඔප්පු කලා…….ඔබ වන් පුතෙක් මේ රටට දායද කල දෙමව්පියන්ටත් / ක්‍රීඩාවේ අත් පොත් තැබූ ගුරු වරුන්ටත් ….. ඉන් පසු ඔබේ දිවිය එකලු කල පුහුණු කරුවන්ටත් මගේ ප්‍රණාමය හදවතින්ම පුද කරන අතර …..හැකිනම් අපේ අනාගත පරම්පරාවට ඔබේ අත්දැකීම් බෙදා දෙන්න කියලත් ඉල්ලමින් මම නවතිමි….. ඔබ අපව පිනවූවාට ….. බොහෝමත්ම ස්තූතියි….ඉදිරි අනාගතයේ ඔබ කරණා ඕනෑම කටයුත්තක් සාර්ථක වේවා කියලා පතමි…..

ලංකාවේ හිටියා නම් මේ post එක දානවා වගේම තරඟය බලන්නත්/ ඔබට හදවතින්ම සුභ පතන අය අතරට එක් වෙන්නත් මම අනිවර්යයෙන්ම එනවා……ඒ දේ කරගන්න බැරි උනත් කොහොම හරි අවසාන එකදින තරඟයේ ශතකයක් කරා යෑමට ඔබට සම්ම් දිඨ්ටි/ සම්මා වායම/ සම්මා සථිය ලැබේවා කිය හදවතින්ම ප්‍රාර්තනා කරනවා………..

ඔබට සදා ජය….

මාලිංග සූරප්පුලිගේ…..

Comments

comments

SHARE