කඩුලු 13ක දිනයේ වාසිය දකුණු අප්‍රිකාවට

257
0

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයේ 3 වන දිනය අවසන් වනවිට තරගයේ වාසිය දකුණු අප්‍රිකාව දෙසට හැරී තිබෙනවා.

ඊයේ දෙවන දිනයට තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකානුවන් පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 38ක් ලබා සිටියා.

කේන් විලියම්සන් හැරුණු විට ඔවුන්ගේ පිතිකරුවන් කිසිවෙකුටත් සාර්ථක ඉනිමක් ගොඩ නගන්නට දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ගෙන් ඉඩ ලැබුනේ නැහැ.

විලියම්සන් ලකුණු 77ක් ලබා ගත්තේ හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමගින්.

හෙන්රි නිකල්ස් ඔහුට සහයක් වීමට උත්සාහයක නිරත වෙමින් ලකුණු 36ක් ලබා ගන්නට සමත් වුණා.

ඔවුන් දෙදෙනා හැරුණුවිට නවසීලන්ත මුල්පෙළ සහ මැදපෙළ පිතිකරුවන් කිසිවෙක් ලකුණු 10 සීමාව පසු කරන්නට සමත් වුනේ නැහැ.

පන්දු යවන්නන්ගෙන් ලැබුණු දායකත්වය නිසා නවසීලන්ත ලකුණු පුවරුව 214ක් දක්වා ඉහල ගියා.

නීල් වැග්නර් වේගවත් ලකුණු 31ක් ලබා ගත්තේ හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමගින්.

පන්දු යැවීමේදී ඩේල් ස්ටෙයින් සහ කගීසෝ රබාඩා කඩුලු 3බැගින් දවා ගත්තා.

ඊට අමතරව වර්නන් ෆිලැන්ඩර් කඩුලු 2ක් බිඳ හෙලුවා.

දකුණු අප්‍රිකාව තම දෙවන ඉනිම ආරම්භ කලේ ලකුණු 267ක වාසියක් සමගයි.

ක්වින්ටන් ඩි කොක් හැරුණු විට අනෙක් සියළු මුල්පෙළ පිතිකරුවන් මෙල්ල කරගන්නට නවසීලන්ත පන්දු යවන්නට හැකි වුනා.

ඩිකොක් ලකුණු 50ක් රැස් කරද්දී අනෙක් මුල්පෙළ පිතිකරුවන් 4 දෙනාම එක්ව ලබා ගත්තේ ලකුණු 11ක් පමණයි.

ටෙම්බා බවුමා නොදැවී ලකුණු 25ක් ලබාගත් අතර දිනය අවසානයේ දකුණු අප්‍රිකා ලකුණු පුවරුව දැක්වුණේ කඩුලු 6කට ලකුණු 105ක් ලෙසින්.

එම ලකුණු සංඛ්‍යාව තනිව ගත්කල ඉතා දුර්වල උත්සාහයක් වුවත් පළමු ඉනිමේ වාසිය සමගින් දකුණු අප්‍රිකානුවන් ලකුණු 372ක් ඉදිරියෙන් සිටින්නේ මේ තරගය සහ තරගාවලිය ජය ගැනීමේ ඉතා ඉහල වාසියක්ද සමගයි.

New Zealand's batsman Neil Wagner, watches his shot on the third day of their second cricket test match against South Africa at Centurion Park in Pretoria, South Africa, Monday, Aug. 29, 2016. (AP Photo/Themba Hadebe)
New Zealand’s batsman Neil Wagner, watches his shot on the third day of their second cricket test match against South Africa at Centurion Park in Pretoria, South Africa, Monday, Aug. 29, 2016. (AP Photo/Themba Hadebe)
PRETORIA, SOUTH AFRICA - AUGUST 29: Trent Boult of New Zealand celebrates the wicket of Stephen Cook of the Proteas during day 3 of the 2nd Sunfoil International Test match between South Africa and New Zealand at SuperSport Park on August 29, 2016 in Pretoria, South Africa. (Photo by Lee Warren/Gallo Images/Getty Images)
PRETORIA, SOUTH AFRICA – AUGUST 29: Trent Boult of New Zealand celebrates the wicket of Stephen Cook of the Proteas during day 3 of the 2nd Sunfoil International Test match between South Africa and New Zealand at SuperSport Park on August 29, 2016 in Pretoria, South Africa. (Photo by Lee Warren/Gallo Images/Getty Images)
South Africa’s batsman Quinton de Kock, takes evasive action against a bouncer off New Zealand’s bowler Tim Southee, on the third day of their second cricket test match at Centurion Park in Pretoria, South Africa, Monday, Aug. 29, 2016. (AP Photo/Themba Hadebe)
South Africa’s batsman Quinton de Kock, takes evasive action against a bouncer off New Zealand’s bowler Tim Southee, on the third day of their second cricket test match at Centurion Park in Pretoria, South Africa, Monday, Aug. 29, 2016. (AP Photo/Themba Hadebe)

02

Comments

comments

SHARE