වසර 10ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් එංගලන්තය උදුරා ගනී

453
0

එක්දින තරගයකදී කණ්ඩායමක් රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව තමන් සතුකර ගන්නට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුනා.

ඒ පාකිස්තානය සමග පැවති තුන්වන එක්දින තරගයෙදී.

මීට පෙර එම වාර්තාවට හිමිකම්කිවේ ශ්‍රී ලංකා කණ්ඩායයි.

ඊයේ තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50තුල කදුලු 3ක් දැවී ලකුණු 444ක් රැස් කලා.

එය ඉතිහාසයට එක්වුනේ එක්දින තරගයකදී කණ්ඩායමක් රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර 2006 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 9ක් දවී ලකුණු 443ක් ලබාගෙන එම වාර්තාව බිහිකර තිබුනා.

ඊයේ තරගයේදී ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කල ඇලෙක්ස් හේල්ස් පන්දු 122කදී ලකුණු 171ක් රැස් කලා.
ඒ හතරේ පහර 22ක් සහ හයේ පහර 4ක් සමගින්.
මෙය එංගලන්ත පිතිකරුවෙකු එක්දින තරගයකදී රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

ජොස් බට්ලර් පන්දු 50කදී නොදැවී ලකුණු 90ක් රැස් කලා.
ඔහු සිය අර්ධ ශතකය රැස් කලේ පන්දු 22කින්.
එය එංගලන්ත පිතිකරුවෙකු එක්දින තරගයකදී රැස්කල වේගවත්ම අර්ධ ශතකයයි.
බට්ලරගේ ඉනිමට හතරේ පහර සහ හයේ පහර 7බැගින් අතුලත් වුනා.

ජෝ රූට් ලකුණු 85යි.

නායක ඔයින් මෝගන් පන්දු 27කදී නොදැවී ලකුණු 57ක් ලබා ගත්තේ හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමගින්.

පන්දු යැවීමේදී හසන් අලී කඩුලු 2ක් දවා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල පාකිස්තානය පන්දුවාර 42යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 275ක් ලබා ගත්තා.

ශාජීල් ඛාන් සහ මොහොමඩ් අමීර් ලකුණු 58 බැගින් රැස් කලා.

පාකිස්තානු ඉනිම වැනසූ ක්‍රිස් වෝක්ස් කඩුලු 4ක් දවා ගත්තා.

ඒ අනුව එංගලන්තය මේ තරගය ජය ගත්තේ ලකුණු 169කින්.

මෙම ජයත් සමග තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරග 2ක් ඉතිරිව තිබියදීම තරග 3-0ක් ලෙස ජය ගන්නට එංගලන්තය සමත් වුනා.

ඊයේ තරගයේ වීරයා ලෙසින් ඇලෙක්ස් හේල්ස් සම්මාන ලැබුවා.

Comments

comments

SHARE