ජාතික මහා ක්‍රීඩා උලෙලේ වෙරළ වොලිබෝල් තරග ලබන 3 වැනිදා සිට මීගමුවේදී

144
0

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුව හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධාන කරන 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරග සැප්තැම්බර් මස 03/04 යන දිනයන්හිදී මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියට දිවයිනේ පළාත් 9 නියෝජනය කරමින් කන්ඩායමේ 18ක් එක් වනවා.

ඒ පිරිමි සහ කාන්තා වශයෙන්.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා  සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් තරග ආරම්භ කිරීමට නියමිතයි.

සහතික හා කුසලාන ප්‍රධානය 2016.09.04වන දින ප.ව 4.00 සිට සිදුකිරීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා.

– ප්‍රසන්න අදිකාරී –

Comments

comments

SHARE