ජාතික මහා ක්‍රීඩා උලෙලෙ බොක්සිං තරග හෙට සිට

127
0

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුව හා ක්‍රීඩා අමාත්‍යංශය එක්ව සංවිධානය කරන 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ බොක්සිං  තරග සැප්තැම්බර් මස 01/02/03/04 යන  දිනයන්හි දි කොළඔ රාජකීය විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගාවලියට පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩකයින් 90 දෙනෙක් ද ක්‍රීඩිකාවන් 27 දෙනෙක්ද ඉදිරිපත් වීමට නියමිතයි.‍

පිරිමි බර පන්ති 10ක් සහ කාන්තා බර පන්ති 03ක් යටතේ තරග පැවැත්වීමට  නියමිතව තිබෙනවා.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් තරග ආරම්භ කිරීමට නියමිතයි.

සහතික හා කුසලාන ප්‍රධානය 2016.09.04වන දින ප.ව 2.30 සිට සිදුකිරීමට කටයුතු සංවිධානය කොට තිබෙනව.

-ප්‍රසන්න අදිකාරී-

Comments

comments

SHARE