මැතිව්ස් ට හෙට ස්කෑන් පරීක්‍ෂණයක්

896
0

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් හෙට දිනයේදී ස්කෑන් පරීක්‍ෂණයකට ලක් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ මේ වනවිට ඔස්ට්‍රේලියාව සමග දඹුල්ලේදි පැවැත්වෙන සිව්වන එක්දින තරගයෙදී මැතිව්ස්ගේ දකුණු පාදයේ කලවා ප්‍රදේශය ආබාධයකට ලක්වීම නිසයි.

ශ්‍රි ලංකා කන්ඩායම පලමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින විටයි ඔහු මෙසේ ආබාධයකට ලක්වුනේ.

තරගයේ 28වන පන්දුවාරයේදී මැතිව්ස් මෙසේ අබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වුනා.

අනතුරුව ඔහු යලි පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ ශ්‍රී ලංකා ඉනිමේ 48 වන පන්දු වාරයේදීයි.

ඒ සිය ආබාධයද සහිතවයි.

අනතුරුව ඔස්ට්‍රෙලියාව පන්දුවට පහරදෙන විට ඔහු පන්දු රැකීම සදහා පිටියට පිවිසියේ නැහැ.

Comments

comments

SHARE