මැතිව්ස් ඔස්ට්‍රේලියානු තරගාවලියෙන් ඉවතට

830
0

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට ඔස්ට්‍රේලියාව සමග පැවත්වෙන අවසන් එක්දින තරගය සහ T20 තරග දෙක අහිමිව තිබෙනවා.

ඒ ඔහුගේ දකුණු පාදයේ කලවා ප්‍රදේශය ආබාධයකට ලක්වීම නිසයි.

ඔස්ට්‍රේලියාව සමග සිව්වන එක්දින තරගයේදී පන්දුවට පහරදෙමින් සිටින අතරවාරයේ මැතිව්ස් මෙසේ ආබාධයකට ලක්වුනා.

එම අවස්තාවේ ඔහු ක්‍රීඩා පිටියෙන් ඉවත්ව ගියත් යලි ශ්‍රී ලංකා ඉනිමේ 48 වන පන්දුවාරයේදී පන්දුවට පහරදීමට පිටියට පිවිසියා.ඒ පාදයේ ආබාධයද සමගින්.කෙසේ නමුත් මැතිව්ස් ඔස්ට්‍රේලියාව පන්දුවට පහර දෙන අවස්තාවේ දී පන්දු රැකීම සදහා පිටියට පිවිසියේ නැහැ.

තරගයෙන් අනතුරුව මැතිව්ස් ස්කෑන් පරීක්‍ෂණයකට ලක්කර තිබෙනවා.
එහිදී වෛද්‍යවරුන් පවසා අත්තේ අවම වශයෙන් මැතිව්ස් මසක පමණ කාලයක්වත් විවේක ගතයුතු බවයි.

ඒ අනුව ඉදිරි තරග වලදී ශ්‍රී ලංකා කන්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට පැවරෙනු ඇති.

ඇන්ජෙලෝ මැතිව්ස් වෙනුවට වමත් ආරම්භක පිතිකරු උපුල් තරංග අවසන් එක්දින තරගය සදහා කැදවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා sri lanka sports වෙත පැවසුවා.

Comments

comments

SHARE