සිව්වන එක්දින තරගයත් එංගලන්තයේ වාසියට ලියවෙයි

615
0

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමග පැවති සිව්වන එක්දින තරගය කඩුලු 4කින් ජයගන්නට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුනා.

මෙම තරගය පැවැත්වුනේ එංගලන්තයේ ලීඩ්ස් හිදී.

තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තානය පළමුව පන්දුවට පහරදුන්නා.

නියමිත පන්දුවාර 50තුල කඩුලු 8ක් දැවී ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 247ක්.

නායක අසාර් අලී ලකුණු 80යි.

ඉමාඩ් වසීම් ලකුණු 57යි.

පන්දු යැවීමේදී අඩිල් රෂිඩ් කඩුලු 3ක් බිද හෙලුවා.

ඊට අමතරව ක්‍රිස් ජෝර්ඩන් සහ මොයින් අලී කඩුලු දෙක බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ එංගලන්තය පන්දුවාර 48කදී කඩුලු 6ක් දැවී ලකුණු 252ක් ලබාගෙන මෙම තරගය ජය ගත්තා.

ජෝ රූට් ලකුණු 30යි.

ඊට අමතරව බෙන් ස්ටොක්ස් ලකුණු 69ක් සහ  ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 61ක් ලබා ගත්තා.

මොයින් අලී නොදැවී ලකුණු 45යි.

පන්දු යැවීමේදී මොහොමඩ් ඉර්ෆාන් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ ජොනී බෙයාර්ස්ටෝ.

මෙම ජයග්‍රහණයත් සමග තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 4-0ක් ලෙස එංගලන්තය පෙරමුණේ පසුවනවා.

02 05 01 06 08 10 11

LEEDS, ENGLAND - SEPTEMBER 01: Adil Rashid (2L) of England is congratulated after taking the wicket of Mohamad Rizwan during the 4th Royal London One -Day International match between England and Pakistan at Headingley on September 1, 2016 in Leeds, England.  (Photo by Michael Steele/Getty Images)
LEEDS, ENGLAND – SEPTEMBER 01: Adil Rashid (2L) of England is congratulated after taking the wicket of Mohamad Rizwan during the 4th Royal London One -Day International match between England and Pakistan at Headingley on September 1, 2016 in Leeds, England. (Photo by Michael Steele/Getty Images)

Comments

comments

SHARE