ශ්‍රී ලංකාව ජයග්‍රාහී ගමනක

902
0

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර අද හොංකොං හිදී ආරම්භ වුනා.

තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද සිය පළමු තරගයට සහභාගී වුනා.

ඒ චීන තායිපේ කණ්ඩායම සමගින්.

එම තරගය පහසුවෙන් ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයේ ලකුණු තත්වය දැක්වුණේ ලකුණු 43 – 12ක් ලෙසයි.

මෙවර හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නේ B කාණ්ඩයෙන්.

හොංකොං,චීන තායිපේ සහ මලයාසියාව B කාණ්ඩයේ සෙසු රටවල් වනවා.

මුලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන මීලග තරගය මලයාසියාව සමගින් පැවැත්වීමට නියමිතයි.

Comments

comments

SHARE