ලසිත් මාලිංග යලි ගේමට බසී – ක්‍රිකට් පරිපාලනය දෙකඩ වන ලකුණු

29987
0

පහුගිය දිනවල ලසිත් මාලිංග ගැන ආයෙත් මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ කතා බහක් ඇතිවුනා.

ඒ ඔහු යලි පුහුණුවීම් ආරම්භ කිරීමත් සමගයි.

මාලිංග හදිසියේම පුහුණුවීම් වලට පැමිණියේ ඇයි …?

දණහිසේ මතුව තිබු ආබාධයක් නිසා ලසිත් මාලිංග මාස 4ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටියා.

මේ හේතුව නිසාම මාලිංගට මෙවර අයි.පි.එල්.තරගාවලියද අහිමිවුණා.

කෙසේ වෙතත් ආසියානු කුසලාන T 20 තරගාවලියේදීද මාලිංග පාදයේ ආබාධය සහිතව ක්‍රීඩා කලේ කණ්ඩායමේ නායකත්වයද දරමින්.

එම තරගාවලියේ වැඩි තරග සංඛ්‍යාවක් බංකුවේ සිටිමින් කටයුතු කරන්නට ඔහු කටයුතු කලේ ලෝක කුසලාන T 20 තරගාවලිය ඉලක්ක කර ගනිමින්.

මාලිංග ගේ මේ දෙබඩි පිළිවෙත එකල මෙරට මාධ්‍යයේ දැඩි දෝෂ දර්ශනයටද ලක් වුනා.

කෙසේ නමුත් අවසන් මොහොතේ මාලිංග පරික්ෂා කල වෛද්‍යවරුන් පැවසුවේ  මාස 6ක පමණ කාලයක් ඔහු විවේක ගත යුතු බවයි.

කෙසේ නමුත් හිටි හැටියේම ලසිත් මාලිංග පසුගිය දිනෙක ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මුණ ගැසී පවසා ඇත්තේ තමාගේ පාදය දැන් සම්පුර්ණයෙන් සුවවී ඇති බවත් එම නිසා යලි ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට අවස්තාව සලසා දෙන ලෙසත්ය.

එවිට සුමතිපාල මහතා මාලිංගට පවසා ඇත්තේ ආබාධය සුව නම් පුහුණුවීම් අරබන ලෙසයි.

නමුත් මාලිංග ඊට එකග නොවී පවසා ඇත්තේ තමන් ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කල පසු සිය පුහුණුවීම් අරබන බවයි.

එසේනම් ශ්‍රී ලංකා “A ” ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කර සිය යෝග්‍යතාව තහවරුකොට පෙන්වන ලෙස එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලසිත් මාලිංගට පවසා තිබෙනවා.

පුදුමයට කරුණ වන්නේ ලසිත් මාලිංග පසුගිය දිනෙක කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පුහුණු සැසියකට එක්වුණේ සිය ඕස්ට්‍රේලියානු වෛද්‍යවරයාගේ උපදෙස් අනුව වීමයි.

එහිදී ඔහුට උපදෙස් ලැබී තිබුනේ අවම වශයෙන් තව මාස කිහිපයක් විවේක ගන්නා ලෙසයි.

එසේ නොමැතිනම් යලි පාදයේ ශල්‍යකර්මයක් සිදුකල යුතු බවත් එම වෛද්‍යවරයා පවසා තිබෙනවා.

එවැනි තත්වයක් උඩ තමාගේ  පාදයේ ආබාධය සුව වී ඇතැයි මාලිංග පවසන්නේ ඇයි ද යන්න ගැටළුවක්.

ක්‍රිකට් සභාපතිවරයාගේ පිළිතුරෙන් පරලවුණු ලසිත් මාලිංග වහාම ජයන්ත ධර්මදාස මහතා අමතා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක් අරඹා තිබෙනවා.

ක්‍රිකට් උප සභාපතිවරයෙක් වන ජයන්ත ධර්මදාස සහ තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් මත දෙකක් දරන අයවලුන් වීම නිසයි මාලිංග මෙසේ ජයන්ත ධර්මදාස මහතාට ලංවී සිටින්නේ.

ලසිත් මාලිංගගේ උපදෙස්  හිස්  මුදුනින් පිළිගත් ජයන්ත ධර්මදාස මහතා මේ වනවිට තිලංග සුමතිපාල මහතාට යුද ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ඉදිරි දින කිහිපය තුලදී තමන් ඇතුළු පාර්ශවය ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත්වන බවට අනතුරු හගවමින්.

Comments

comments

SHARE