ශ්‍රී ලංකාව, හොංකොං හිදී දෙවන කඩයිමත් පනී

813
0

හොංකොං  සත් සාමාජික රග්බි තරගාවලියේ මුලික වටයේ දෙවන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වුනේ මැලේසියානු කණ්ඩායමයි.

තරගය ආරම්භයේ පටන්ම උණුසුම් මුහුණුවරක් ගත්තා.

එහි අවසන් ප්‍රතිපලය වුනේ පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 14 බැගින් ලබාගෙන කණ්ඩායම් දෙකම සම තත්වයේ පසු වීමයි.

දෙවන අර්ධයේදී මැලේසියානු ක්‍රීඩකයින්ට හිස ඔසවන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉඩ ලබාදුන්නේ නැහැ.

එම අර්ධයේදී ඔවුන් ලකුණු 28ක් රැස් කළා.

ඒ අතරවාරයේ මැලේසියාවට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 7ක් පමණයි.

ඒ අනුව මෙම තරගය ලකුණු 40 – 21ක් ලෙස පහසුවෙන් ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව මුලික වටයේ සහභාගිවන අවසන් තරගය අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ හොංකොං කණ්ඩායම සමගින්.

Comments

comments

SHARE