ශ්‍රී ලංකාව අවසන් පුර්ව වටයට

252
0

හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුනා.

ඒ B ඛාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගනිමින්.

ඔවුන් අද පස්වරුවේ මුලික වටයේ සිය අවසන් තරගයට සහභාගිවුණා.

ඒ ප්‍රබල හොංකොං කණ්ඩායම සමගින්.

මෙම තරගය ලකුණු 22 – 00ක් ලෙස ජයගන්නට සමත්වුනේ හොංකොං කණ්ඩායමයි.

තරගයේ පළමු අර්ධය නිමාවනවිට ඔවුන් ලකුණු 10 – 00ක් ලෙස පෙරමුණේ පසුවුණා.

අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ චීන කණ්ඩායමයි.

ඉතිහාසයේ පළමු වතාවට ප්‍රබල ජපාන කණ්ඩායමට කුසලාන අවසන් පුර්ව වටයට පිවිසීමේ අවස්ථාවද අහිමිව ගියා. ඒ A ඛාණ්ඩයේ තුන්වන ස්ථානයට පත්වීම හේතුවෙන්.

එම ඛාණ්ඩයෙන් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවේ දකුණු කොරියාව සහ චීනයයි.

B ඛාණ්ඩයෙන් ශ්‍රී ලංකාවට අමතරව හොංකොං කණ්ඩායමද අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබුවා.

Comments

comments

SHARE