ශ්‍රී ලංකාව අවසන් තරගයට

175
0

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පලමු අදියර මේ දිනවල පැවැත්වෙනවා හොංකොංහිදී.

හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කන්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුනා.

ඒ පලමු අවසන් පූර්ව තරගයේදී චීනය පරාජය කරමින්.

මෙවර තරගාවලියේ පෙරලිකාරයින් බවට පත්ව සිටින චීනය තරගය ආරම්භයේ පටන්ම ප්‍රවේගකාරී තරග රටාවක් අනුගමනය කලා.

නමුත් සැලසුමක් සහිතව මෙම තරගයට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවසන් මොහොතේ චීනය අභිබවා යන්නට සමත් වුනා.

ඒ ලකුණු 19-17ක් ලෙසින්.

ගෝල දිනුම් 2ක් සහ උත්සාහක දිනුමක් මගින් ශ්‍රී ලංකා කන්ඩායම සිය ලකුණු 19 රැස් කලා.

Comments

comments

SHARE