ඩිල්ශාන්ගේ අවසන් තරගයට පෙර සනත් රට හැර යාමේ සුදානමක්

11127
0

ටී.එම්.ඩිල්ශාන් සිය අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගී වන ලබන 9 වැනිදා ට පෙර රටින් පිටව යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය තීරණය කර ඇතැයි වාර්තාවනවා.

ඒ එම තරගයෙන් අනතුරුව ඩිල්ශාන් විශේෂ ප්‍රකාශයක් කිරීමට සුදානමින් සිටින බවට සැලවීමත් සමගයි.

ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගත් අවස්ථාවේදී ඩිල්ශාන් මාධ්‍ය හමුවේ පැවසුවේ කුමාර් සංගක්කාර,මහේල ජයවර්දන,ඇන්ජෙලෝ මැතිව්ස් වැනි ජෙෂ්ට ක්‍රීඩකයින් තමන් නායකත්වය දැරූ සමයේදී කිසිදු සහයෝගයක් නොදැක්වූ බවයි.

ඒ හරහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ මහත් ආන්දෝලනයක්ද ඇතිවුනා.

ඩිල්ෂාන්ගේ එම ප්‍රකාශයෙන් අනතුරුව බියට පත්ව ඇති තේරීම් කමිටු සභාපතිවරයා රට හැර යාමට තීරණ කර ඇත්තේ අවසන් T 20 තරගයෙන් පසු ඩිල්ෂාන් කුමන හෝ මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි උපකල්පනය කරමින්.

ඩිල්ෂාන්ගේ ඉක්මන් සමු ගැනීම පසුපස සිටි ප්‍රධානතම සාධකයක් වුනේ වත්මන් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් බව අප අවස්ථා කිහිපයකදීම Sri Lanka Sports හරහා පෙන්වා දුන්නා.

ඒ බව තහවරු කරමින් දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවේදී ඩිල්ෂාන් තමා නායකත්වය දැරූ සමයේදී ඇන්ජෙලෝ මැතිව්ස්ගේ දෙබඩි පිළිවෙත මාධ්‍යට නිරාවරණ කළා.

කෙසේ නමුත් ඩිල්ශාන් අවසන් T 20 තරගයේදී තමන්ගේ ඉක්මන් සමුගැනීමට සැබෑ හේතුව හෙළිකරනු ඇති බවයි වාර්තා වන්නේ.

Comments

comments

SHARE