හොංකොං රග්බි අනුශුරතාව ශ්‍රී ලංකාවට

543
0

ආසියානු සත්සාමජික රග්බි තරගාවලියේ පළමු අදියරේ අනු ශුරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වෙලාවකට පෙර සමත්වුනා.

මෙම තරගාවලිය දින දෙකක් පුරා පැවැත්වුනේ හොංකොං හිදී.

ශුරතා කුසලානය සදහා සත්කාරක හොංකොං කණ්ඩායම සහ ශ්‍රී ලංකාව තරග වැදුනා.

එම තරගය ලකුණු 22 – 17ක් ලෙස ජයගත් හොංකොං ක්‍රීඩකයින් පළමු අදියරේ ශුරතාව දිනා ගත්තා.

ජයග්‍රාහී හොංකොං කණ්ඩායම ගෝල දිනුම් 2ක් උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් මගින් සිය ලකුණු 22 රැස් කළා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය ලකුණු 17 වාර්තා කලේ ගෝල දිනුම් දෙකක් සහ උත්සාහක දිනුමක් මගින්.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර ලබන 24 ස 25 යන දිනවලදී දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතයි

Comments

comments

SHARE