පල්ලේකැලේදී කැන්ගරුවන් දමනයට සිංහ පෝතකයින් සුදානම්

672
0

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පස්වන සහ අවසන් එක්දින තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්බවනවා.

මේ වනවිට තරගාවලිය තරග 3-1ක් ලෙස ජයගෙන ඇත්තේ ඕස්ට්‍රේලියා කණ්ඩායමයි.

මේ නිසා සිය අභිමානය රැක ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට තරගයේදී සටන් වැදීමට සිදුවනු ඇති.

පාදයේ අබාදය නිසා ඇන්ජෙලෝ මැතිව්ස්ට අද තරගය සහ T 20 තරග දෙකම අහිමිවී තිබෙනවා.

එය ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වුවත් එය අමතක කර අද තරගයේ සැලසුම් සකස්කිරීම වැදගත් වනවා.

මැතිව්ස් වෙනුවට කණ්ඩායමට කැදවූ උපුල් තරංග අද තරගයේදී ධනංජය ද සිල්වා සමගින් ඉනිම ආරම්භ කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා පැවසුවේ.

එමෙන්ම තිසර පෙරේරාගේ ස්ථානය ධසුන් ශානකට හිමිව තිබෙනවා.

පල්ලෙකැලේ තණ තීරුව වේගපන්දු යවන්නන්ට වඩාත් උචිත නිසා සුරංග ලක්මාල් කණ්ඩායමට කැදවා ඇති අතර ධසුන් ශානක ඔහුගේ සහායකයා වනු ඇති.

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගී වී ඇති  එක්දින තරග හතෙන් හයකම ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වීමද අද තරගයේ ශ්‍රී ලංකා මානසිකත්වයට වැදගත් වනු ඇති.

එක්දින තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අසාර්ථකත්වයට විසදුමක් අද තරගයේදී ඔවුන්ට ලබා ගැනීමට හැකි වුවහොත් දෙරට අතර එක්දින තරගාවලිය 3-2ක් ලෙසින් හෝ අවසන් කරගැනීමට හැකිවනු ඇති.

Comments

comments

SHARE