පාසල් පිහිනුම් ශුරතා විශාකා සහ සාන්ත ජෝශප් රැගෙන යයි

513
0

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ පිහිනුම් තරග පසුගියදා දින දෙකක් පුරා පැවැත්වුනා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී

මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියා.

බාලක සහ බාලිකා වශයෙන් තරගාවලිය ක්‍රියාත්මක වුනා.

බාලක ශුරතාව දිනා ගත්තේ මරදාන සාන්ත ජෝශප් විදුහලයි.

ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 61ක්.

ලකුණු 31ක් ලබා ගත් බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අනු ශුරතාව දිනා ගත්තා.

බාලිකා ශුරතාව දිනා ගත්තේ ලකුණු 70ක් ලබා ගත් කොළඹ විශාකා විද්‍යාලයයි.

ලකුණු 36ක් ලබා ගත් මහනුවර මහා මායා විදුහල බාලිකා අනුශුරතාව දිනා ගත්තා.

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ අකලංක පීරිස් දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගත්තා.

දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගත්තේ මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ සංජානා පෙරේරා.

SHARE