ජාතික ක්‍රීඩා කැරම් රන් පදක්කම බස්නාහිරට

99
0

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ කැරම් තරග පසුගියදා දින 3ක් පුරා පැවැත්වුනා කොළඹ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේදී.

දිවයිනේ පළාත් නවයම නියෝජනය කරමින් තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100දෙනෙකුට ආසන්න සංක්‍යාවක් එක්ව සිටියා.

ජාතික මහා ක්‍රීඩා උළෙලක් සදහා කැරම් තරග ඇතුලත්වුනු පළමු වතාව මෙයයි.

ඒ අනුව 42වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කැරම් රන් පදක්කම බස්නාහිර පළාත දිනා ගත්තා.

ජාතික ක්‍රීඩා කැරම් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගත්තේ බස්නාහිර පළාතේ චමිල් කුරේ.

බස්නාහිර පළාතේම චලනි ලක්මාලි දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගත්තා.

Comments

comments

SHARE